බයිඩන් මැතිවරණ තරඟයෙන් ඉවත් වියයුතු බව ඉහල ඩිමොක්‍රටික්ස් අපේක්ෂකයන් ප්‍රසිද්ධියේම කියයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජෝ බයිඩන් පැවැත්වූ අශෝභන විවාද කාර්ය සාධනයෙන් පසු ඩිමොක්‍රටික්ස් පාක්ෂිකයන් බහුතරයක් සඳහන් කර තිබුණේ, ජෝ බයිඩන් ජනාධිපති තරඟයට ඉදිරිපත්වීම මඟින් පාර්ලිමේන්තුවේ බහුතරය නැවත දිනා ගැනීමට පක්ෂයට ඇති අවස්ථා අඩාල වන බවයි.

ඒ අනුව, නීති සම්පාදකයන් වන Mark Takano, Adam Smith, Jim Himes, Joe Morelle, Jerry Nadler සහ Susan Wild යන අය ප්‍රසිද්ධියේම බයිඩන් හට සිය විරෝධය ප්‍රකාශ කළ අතර නව අපේක්ෂකයකු වශයෙන් මෙහිදී උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ නම යෝජනා විය.

පසුගිය දා ප්‍රයිම් ටයිම් සම්මුඛ සාකච්ජාවකට සම්බන්ධ වෙමින් ජනාධිපති බයිඩන් සඳහන් කර තිබුණේ, තමා ජනාධිපතිවරණයට තරඟ කිරීම වලක්වා ලිය හැක්කේ සර්වබලධාරී ස්වාමීන් වහන්සේට පමණක් වන බවයි. කෙසේ නමුත් දේශපාලනික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ පවතින තත්වයන්ට අනුව ජෝ බයිඩන්ගේ 50 වසරක දේශපාලන ජීවිතය ඉදිරි දින කිහිපය තුළ අතිශය තීරණාත්මක වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...