මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිටපු වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්ට ?

Date:

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.

ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා විසින් නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇති අතර ඔවුන් විසින් ඊයේ (07) රාත්‍රියේදී එම පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ නිශාන්ත ජයවීර මහතා වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2024 ඔක්තෝබර් මාසයේදී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කෙරුණු අතර 2024 දෙසැම්බර් මාසය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළේය. ඉන්පසුව ඔහු ජනාධිපති අතිරේක ලේකම් තනතුරකට පත්කෙරිණි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන නිශාන්ත ජයවීර මහතා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සමකාලීනයකු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයකු බවත් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශ්වාසවන්ත හිතවතෙකු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව, දැනට පුරප්පාඩු වී ඇති මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද බොහෝදුරට නිශාන්ත ජයවීර මහතාටම හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...