මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිටපු වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්ට ?

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ.

ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා විසින් නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා ඇති අතර ඔවුන් විසින් ඊයේ (07) රාත්‍රියේදී එම පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ නිශාන්ත ජයවීර මහතා වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2024 ඔක්තෝබර් මාසයේදී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කෙරුණු අතර 2024 දෙසැම්බර් මාසය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළේය. ඉන්පසුව ඔහු ජනාධිපති අතිරේක ලේකම් තනතුරකට පත්කෙරිණි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන නිශාන්ත ජයවීර මහතා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සමකාලීනයකු ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අයකු බවත් ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශ්වාසවන්ත හිතවතෙකු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඒ අනුව, දැනට පුරප්පාඩු වී ඇති මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද බොහෝදුරට නිශාන්ත ජයවීර මහතාටම හිමිවනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...