ඉන්ධන පෝලිමක ගැටුමකින් එක් අයෙකු මරුට. තිදෙනෙකුට තුවාල !

ඊයේ (07) රාත්‍රියේ ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක සිදුවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රියේ අදාළ පිරවුම්හල කරා පැමිණි බටදූව ප්‍රදේශයේ පුද්ගලයකු තම මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබුණු ස්ථානයකින් තම මෝටර් පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කර ඇති අතර පෝලිමේ පසුපස සිටි පිරිස ඊට විරෝධය පළකර තිබේ.

එහිදී යම් ගැටුමක් ඇතිව තිබෙන අතර ඔහු ඒ පිළිබඳව තම හිතවතුන් පිරිසකට දැනුම් දී ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එහි පැමිණි පිරිසක් පෙරකී බටදූව ප්‍රදේශයේ පුද්ගලයා සමග ගැටුණු අයට පහරදීමට පටන්ගෙන ඇති අතර එයින් පෝලිමේ සිටි තිදෙනෙකු සහ පහරදීමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුත් බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව, යටගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...