වැඩට එන්න ඉන්ධන නොදෙනවා නම් අද 10 සිට සේවයෙන් ඉවත් වෙනවා – ලංගම වෘත්තීය සමිති

Date:

සිය සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අද (08) පෙරවරු 10.00 සිට සියලුම සේවකයින් සේවයෙන් ඉවත්වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

එමෙන්ම ලංගම ඩිපෝවලින් ඉන්ධන නිකුත් කිරීම ද ගිලන් රථ වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලංගම සේවකයින් අළුයම 04.00 ට පමණ සේවයට වාර්තා කළයුතු අතර සේවය නිමවීමට රාත්‍රී 11 – 12 වන බැවින් ඔවුන්ට සිය යතුරුපැදි හෝ ත්‍රීරෝද රථ වැනි වාහනවලින් සේවයට පැමිණීමට සහ ආපසු යෑමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස පාලකයින් ඉල්ලීම් කර ඇති අතර ඔවුන්ට ඉන්ධන ලබාදෙන බවට පාලකයින් ලිඛිතව දැනුම් දෙන්නේ නම් පමණක් ඒ මොහොතේ සිට සේවා කටයුතුවල නියැළෙන බවත් ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...