අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු ඉහළට – අවම ගාස්තුව 20 යි

ලබන අඟහරුවාදා සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඊට අදාල නීතිමය ක්‍රියාපටිපාටිය මේ වනවිට සකස් කරමින් සිටින බවත්, එම කටයුතු ඉරිදා වනවිට අවසන් වනු ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

දැනට ක්‍රියාත්මක සාමාන්‍ය මගී බස් ගාස්තුවෙන් බාගයක් දක්වා දුම්රිය ගාස්තු සංශෝධනය වනු ඇති අතර අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යනු ඇත.

ඉන්ධන මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී යෝජනා කළ නමුත් ඒ සඳහා අනුමැතිය හිමි නොවීය.

මේ වනවිට බස් ගාස්තු ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති අතර ඒ නිසා දුම්රිය භාවිතා කරන මගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. දුම්රිය ගාස්තු ඉහල දැමීම හරහා ඔවුන් තවදුරටත් දුෂ්කරතාවයට පත්වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...