ඉන්ධන අර්බුදය නිසා ධීවර ජනතාව විඳින පීඩා අවම කරන්න – රනිල්ගෙන් බළධාරීන්ට උපදෙස්

Date:

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දී ඇති ගැටළුවලට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගිය බදාදා(06) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිප් වෙදආරච්චි සහ මයන්ත දිසානායක යන මහත්වරුන් විසින් ඉන්ධන අර්බුධය හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව අගමැතිවරයාගෙන් විමසා සිටියේය.

ධීවරයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව එකතු කර සාකච්ඡා කිරීමට අගමැතිවරයා එදිනම දිනයක් ලබාදුන් අතර ඒ අනුව අද (8) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අදාල සාකච්ඡාව පැවැත්විණි.

ඉන්ධන අර්බුදයත් සමග ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිලිබඳව ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙහිදී පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළුවලට සහන ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.

දිලිප් වෙදආරච්චි,නිමල් ලංසා, නිරෝෂන් පෙරේරා, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්විය. කමිටු සාමාජිකත්වය සඳහා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නියෝජිතයෙකු ඉදිරියේදී නම් කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අදාල අමාත්‍යංශවල ලේකම්වරුන් සහ නිලධාරීන්ද මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන්නේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...