ජනාධිපති සමාව දුන්නා ඔබතුමාලාගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකක්ද කරේ? හිටපු කොමසාරිස් අස් කරා. අවසානෙ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා – නාමල් රාජපක්ෂ

ජූලි 08, කොළඹ LNW :

“මීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ. ‘මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්’ කියලා ඇඟ බේරගන්න බෑ. දැන් 27 දෙනෙක් මැරිලා ඉන්නවා. 150ක් විතර ඉස්පිරිතාලෙ ඉන්නවා. අද වෙනකන් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ තවමත් නිසි වගකීමකින් ප්‍රකාශයක් කරගන්න බැරිවුණා කිසි කෙනෙක්ට. දේශපාලන ප්‍රකාශ කරනවා, හැබැයි දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වගකීමකින් මේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒකටත් ජනාධිපතිවරයා දුවන් ඇවිල්ලා මොකක් හරි කියනකන් බලන් ඉන්නවද දන්නෙ නෑ. හැබැයි ඉතින් ඒවා හරියන්නෙ නෑ ” – නාමල් රාජපක්ෂ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

” බන්ධනාගාර සිද්ධිය පටන් ගත්තා කියලා කියන්නේ ඩෙංගු සම්බන්ධයෙන්. රැඳවියන්ගේ, රිමාන්ඩ් සිරකරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන්. බන්ධනාගාරයේ බෙහෙත් තියෙන්න විදිහක් නෑ ගමේ ඉස්පිරිතාලෙත් බෙහෙත් නෑ. ඒ කාලේ නම් මෙයා උඩින්, උඩ පැනලා බෙහෙත් ගැන කතා කරේ, අද සද්දයක් නෑ. ඔබතුමාත් වෛද්‍යවරයෙක්, ඔබතුමා දන්නවා. බෙහෙත් නෑ.
​හැබැයි ඒ පටන් ගත්තු සිද්ධිය සම්බන්ධයෙන්, ආණ්ඩුව ක්‍රියාත්මක වුණා නම් වෙලාවට, මේක යම් පාලනයකට ගේන්න තිබ්බා. හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ. රාත්‍රිය ගතවෙන්න දුන්නා. පහුවදා උදේ අර සුපුරුදු තක්කඩිකම දාන්න ගියා. ආයෙත් අරවුලක් ඇතිවුණා. අවසානයේ 27 දෙනෙක්, නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙක්ගේ ජීවිත නැතිවුණා. දැන් මට මතකයි ඔබතුමාලාගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ ඉඳන් පහුගිය ආණ්ඩුවේ ඔහොම සිද්ධියක් සම්බන්ධයෙන් අහනකොට කතා කරපු විදිහ. ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකීම් බාරගත යුතුයි කියලා තමයි ඔබේ ජනාධිපතිවරයා කිව්වේ. එදා එහෙම වුණාම.
​හැබැයි ඔහොම සිද්ධියක් 2020දි වුණාම, ඇමතිවරයා අයින් වෙලා අලුත් රාජ්‍ය ඇමතිවරයෙක් පත්වෙලා කමිටුවක් දැම්මා. ඒ කමිටුවල නිර්දේශ මොනාද ගරු නියෝජ්‍ය කථානායකතුමනි? ඒ මේ 10,000ක් 11,000ක් දාන්න පුළුවන් බන්ධනාගාර පද්ධතිය ඇතුළේ, ආ ඔබතුමාලාගේ “ක්ලීන් ශ්‍රී ලංකා” කියලා 40,000ක් 45,000ක් කියලා දැම්මාම, ඒකේ සමාජ ප්‍රශ්නයක් එතන ඇතිවෙනවා. ඒ සමාජ ප්‍රශ්නය පස්සේ අරගලයක් බවට පත්වෙයි. ඒක තමයි දැන් වුණේ මීගමුවේ. 10,000යි 12,000යි කැපෑසිටි (Capacity) එක. 40,000ක් 45,000ක් ගිහිල්ලා රිමාන්ඩ් කරන් ඉන්නවා. ඒකට පහුගිය ආණ්ඩුවෙන් හදපු නීතිවලට බනිනවා.

අඩු ගානේ ඔබතුමාලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට ළඟයි. මේ රස පරීක්ෂක වාර්තා ටික කඩිනම් කරන්න ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? 45,000ක් රිමාන්ඩ් කරගන්නවා නම් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගන්න ඔබතුමාලා ගත්තු වැඩපිළිවෙළ මොකක්ද? අවසානයේ අහිංසක නිලධාරීන් හත්දෙනෙක් නිකන් ඝාතනය වෙනවා.ඇයි? ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්නෙ නැද්ද? ඔබතුමාලා බලයට ආවාම ජනාධිපති සමාව දුන්නා ඔබතුමාලාගේ පාක්ෂිකයෙක්ට. ඒක වහගන්න මොකක්ද කරේ? හිටපු කොමසාරිස් අස් කරා. රිමාන්ඩ් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වුණා. ඊට පස්සේ මානව හිමිකම් එකෙන් නිර්දේශය දීලා තියෙනවා ඔහුව බඳවා ගන්න කියලා. හැබැයි අද වෙනකන් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාලා ඔහුව බඳවා ගැනීම කෙසේ වෙතත්, ඒක ඔබගේ දේශපාලන තීන්දුවක් වෙන්න පුළුවන්නේ. හැබැයි නිශ්චිත වශයෙන් ම, කොමසාරිස්වරයෙක් පත් කරන්න ඔබතුමාලා කටයුතු කරේ නැහැ. ආණ්ඩුව කටයුතු කරේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුව හොයලා බැලුවේ නැහැ. ආණ්ඩුව කටයුතු කරේ නැහැ.
​මානව හිමිකම්, මානව හිමිකම්වලින් ඔහු නඩුව ජයග්‍රහණය කරලා තියෙද්දී, ඔහුව පැත්තක තියන්නකෝ අඩුගානේ වෙන කෙනෙක් හරි ඔබතුමාලා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානෙ මොකක්ද වෙන්නේ? අවසානෙ මේක පුපුරන තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද අහිංසක නිලධාරීන් හත්දෙනෙක්, විසිපස්දෙනෙක් සම්පූර්ණ හිරකරුවන් ඝාතනය වෙලා. සීයයක්, එකසිය පනහක් විතර ඉස්පිරිතාලේ. හැබැයි ආණ්ඩුව මේකට මුහුණ දෙන්නේ කොහොමද? ඇමතිවරයෙක් කියනවා සමාජ මාධ්‍ය දැක්කේ නැහැල්ලු. මරුනේ! මේ හරි ෂෝක්. හොඳ නීතිඥ මහත්තයෙක්. සමාජ මාධ්‍ය බලලා බලලා එයාත් කතා කරන්නේ සමාජ මාධ්‍ය දිහා බලලා.
​ආ ඉස්සර නම් ජනාධිපතිවරයෙක් හිටියා උදේට පත්තරෙන් බලලා කියන. දැන් අපිට ඇමතිවරයෙක් ඉන්නවා සෝෂල් මීඩියා බලලා කියන. වගකීමකින් කටයුතු කරන්න බැරිවෙලා, ඔහු වගකීම් පැහැර හැරියාට පස්සේ දැන් ඇඟ හෝදගන්න හදනවා.

​එදා 2020 සිද්ධිය ඇතිවුණාට පස්සේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කමිටුවක් පත් කරලා අපේ අනුරාධ ජයරත්න මන්ත්‍රී… අද මන්ත්‍රීතුමා එදා රාජ්‍ය ඇමතිවරයා විදිහට හිටියේ. පහුකාලීනව ලොහාන් ඇමතිතුමාට පස්සේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරේ නැහැ ඔබතුමන්ලා. ඒකේ පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදලා තිබ්බා, ඔබතුමාලා ක්‍රියාත්මක වුණේ නැහැ. එදා සංඛ්‍යාලේඛන අනුව 60%ක් විතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන් ටයිම්, ටූ ටයිම් යූසර්ස්ලා ඉන්නේ. ඔවුන්ව ඇතුළට දැම්මාම මේක ඇතුළේ මහා ජාවාරම්කරුවෙක් එක්ක මොවුන් පටලැවෙනවා. ඒ හින්දා පුනරුත්ථාපනය කරන්න නියෝග කරා. අලුත් බන්ධනාගාරයක් හදන්න යෝජනා වුණා. ඒක ක්‍රියාත්මක කරෙත් නැහැ. හැබැයි අවසානෙ මොකක්ද වුණේ? ඒකට ඉඩමත් දීලා, යටිතල පහසුකම් ටිකත් හදලා, අවශ්‍ය වැඩපිළිවෙළත් හැදුවාට පස්සේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි… හැබැයි ආණ්ඩුව මොකක්ද කරේ? මේ පහුගිය ආණ්ඩුවල ඒවා අපි කරන්නේ නැහැ කියලා ඒක පැත්තක තිබ්බා. ඒක පැත්තක තිබ්බා.

​ඒ වගේම මේ මන් දැක්කා මහා ආඩම්බරයෙන් කියනවා මේ විනිසුරුවන්ගේ කාලය දීර්ඝ කිරීම ඉතාමත් වැදගත් කියලා. ඔව්, ඒක කරගන්න, ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නැහැ, ඔයාලගේ උවමනාවනේ. දැන් සමහර ආයතනවලට දේශපාලන නිලධාරීන් ගිහිල්ලා දාලා ඇෆිඩවිඩ් තියෙනවානේ දැන් දිවුරුම් ප්‍රකාශ දීලා. බලහත්කාරයෙන් කටඋත්තර ලියාගත්ත විදිහ. නැත්නම් එළියට දාලා මරන්න හදනවා කියලා, එම මිනිස්සු ඝාතනය වෙලා තියෙනවානේ. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන හතරක් තියෙනවා. ඉස්සරහට එකෙන් එක එයි. එකෙන් එක ආවාම උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න.

විනිසුරුවරුන්ගේ කාලය දික් කරන්න උනන්දුව තියෙන ආණ්ඩුවට, මේ අධිකරණ පද්ධතියේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න විසඳන්න උවමනාවක් නැහැ. දැන් හවුස් ඇරෙස්ට් කරන්න අවශ්‍ය නීතිය සම්මත කරගන්න උවමනාවක් නැහැ, ඒක ඩ්‍රාෆ්ට් කරලත් තියෙන්නේ. හැබැයි ඒවා ගෙනල්ලා කඩිනම් කරන්න නැහැ. මොකද ඒවායින් ගරු කථානායකතුමනි, මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවනේ. ප්‍රශ්න විසඳෙන ඒවට මේ ආණ්ඩුව, ඔබතුමන්ලාගේ ආණ්ඩුව මැදිහත් වෙන්න ආස නැහැ. ඔබ කැමති ප්‍රශ්න හදන ඒවට මැදිහත් වෙන්න. අලුතෙන් ප්‍රශ්න හදන්න. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට අර ඔබතුමාලාගේ සුපුරුදු මර්ධනය සහ තගරිය දාලා, ආ? අර ගමේ භාෂාවෙන් කියනවා නම් චණ්ඩි, ඒ ලයින් එකේ ඇවිල්ලා ආණ්ඩු කරන්න බැහැ.මාධ්‍ය දැක්කම දැන් මයික් විසික් කරන්න පටන් අරගෙන. ඇවිල්ලා මයික් එක බලලා මයික් එක විසික් කරනවා. වෙනද කොහොමද? එහෙම වෙන පක්ෂ වල අය කරාම ඔබතුමන්ලා නහයෙන් අඬපු විදිහ මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන්. හැබැයි එහෙම කරපු අය මේකෙ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ඒ හින්දා පැහැදිලිව ඔබතුමන්ලා මේ වගකීම භාරගන්න ඕනේ. විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ. ‘මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්’ කියලා ඇඟ බේරගන්න බෑ. ආ දැන් 27 දෙනෙක් මැරිලා ඉන්නවා. 150ක් විතර ඉස්පිරිතාලෙ ඉන්නවා. අද වෙනකන් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ තවමත් නිසි වගකීමකින් ප්‍රකාශයක් කරගන්න බැරිවුණා කිසි කෙනෙක්ට. දේශපාලන ප්‍රකාශ කරනවා, හැබැයි දේශපාලන ප්‍රකාශයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වගකීමකින් මේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒකටත් ජනාධිපතිවරයා දුවන් ඇවිල්ලා මොකක් හරි කියනකන් බලන් ඉන්නවද දන්නෙ නෑ. හැබැයි ඉතින් ඒවා හරියන්නෙ නෑ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ විෂයභාර ඇමතිවරයා මේ පිළිබඳව වගකීම භාරගත යුතුයි, සහ ඔහු මේ පාර්ලිමේන්තුවට වගකීමක් සහිතව ප්‍රකාශයක් කළ යුතුයි.

​ඒ වගේම තමයි අවසාන වශයෙන්, මම විනාඩියෙන් අවසන් කරන්නම් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ රටේ ගොවියන්ගේ ප්‍රශ්න. මේ වගේම තමයි වෙලාවට පොහොර ටික යවන්නෙ නෑ. ඇහුවම මේ පාර්ලිමේන්තුවෙ කියනවා සහන දෙනවලු, හැබැයි යවන්නෙ නෑ පොහොර ටික. ගොවියට මොකද වෙන්නෙ? පොහොර ඕනේ. මොකද මෙයාලා පොහොර දෙනකන් ගොවියට බලන් ඉන්න බෑනෙ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. කළු කඩෙන් නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකෙන්, පෞද්ගලික අංශයෙන් පොහොර ගන්නවා. ඒ ගන්නෙත් 18,500 – 20,000 අතර. එතකොට පොහොර සහනාධාරයක් ගොවියට ලැබෙන්නෙ නැහැ. එහෙමම තමයි තේ ගොවියටත්, ඒ වගේම තමයි බඩඉරිඟු ගොවියටත්. අන්තිමට වී මිලදී ගන්න යනකොට ගොවියට සාධාරණ මිලක් හම්බවෙන්නෙත් නෑ.
​ආණ්ඩුව වී මිලදී ගන්න ලෑස්ති වෙනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පිටරටින් හාල් ගේනවා. ඉතින් පිටරටින් හාල් ගෙනල්ලද දේශීය ගොවියා ආරක්ෂා කරගන්න හදන්නෙ? ඒ හාල් ටික විකුණගන්න බැරිවෙනකොට රජයේ සේවකයින්ට ලීස් එකට දෙනවා, රුපියල් කිලෝ 20 ගානෙ, රජයේ සේවකයින්ට ලීස් එකට හාල් දෙනවා! හැබැයි කොහොමද ලීස් එකට දෙන්නෙ කියලා ඇමතිවරයා තාම කිව්වෙ නෑ. හැබැයි මේක තමයි ඔබතුමන්ලාගෙ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය.

අද ගොවියො පාරට බැස්සම, ගොවියො තමන්ගෙ අයිතිය ඉල්ලලා පාරට බැස්සම, ගොවියො තමන්ගෙ ආදායම ඉල්ලලා පාරට බැස්සම, පොහොර ටික ඉල්ලලා ආවම ගොවියට ‘කසිප්පුකාරයො’ කියනවා! ගොවියට ‘කසිප්පුකාරයො’ කියලා කියනවා!
​ගොවියන්ගෙ ප්‍රශ්නෙට මේ ආණ්ඩුව ප්‍රායෝගිකව මැදිහත් වෙන්න ඕනෙ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. ආණ්ඩුව නිකන් මේ ගොවියන්ට තර්ජනය කරලා, මර්ධනය කරලා, බය කරලා අර මේ පාර්ලිමේන්තුවෙ විපක්ෂයෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නෙ නෑ. එහෙම මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ හින්දා අපි ආණ්ඩුවට කරුණාකරලා කියන්නෙ… ගොවි නායකයන්ට ඇහුම්කන් දෙන්න. ගොවි නායකයො ඔබතුමන්ලා විපක්ෂෙ ඉදිද්දි ගොයම් කරල් කෑවා කුඹුරට බැහැලා. ඒ ගොවි නායකයො ගෙන්නගන්න, ගෙන්නගෙන ඒ අය එක්ක සාකච්ඡා කරන්න. ධීවර නායකයො ටිකත් ගෙන්නගන්න, සාකච්ඡා කරලා ප්‍රායෝගික විසඳුම් ලබාදෙන්න කියන ඉල්ලීමත් කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...