විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ඇප

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත නිදහස් කිරීමට ගාල්ල මහාධිකරණය නියම කර තිබේ.

ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට විසින් නියම කර තිබූ වසර තුනක සිරදඬුවම බලරහිත කරන ලෙස ඉල්ලමින් ඔහු ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

2014 වසරේදී දකුණු පළාත් සභා අපේක්ෂකයකු ලෙස කටයුතු කරමින් සිටියදී නීතිවිරෝධී පෙළපාළියක ගමන් කරමින් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාවකට වරදකරු වීම මත පසුගිය වසරේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට මෙම සිරදඬුවම නියම කර තිබිණි.

මීටපෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ද වැරදිකරු වූ ඔහුට 2023 වසරේදී ද වසර 4ක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබිණි. අපහාස කිරීම් ඇතුළු විවිධ සිද්ධීන්ට අදාළව ඔහු වසර 6ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සහ සිරදඬුවම් විඳිමින් සිටියේය.

නීතීඥවරයකු ද වූ අජිත් ප්‍රසන්න මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...