*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ජනපති රනිල්ව රාජපක්ෂලාගෙන් ගළවා ගැනීමට සර්වපාක්ෂික අරගලකරුවන් පෙරට (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රාජපක්ෂලාගෙන් ගළවාගැනීම තමන්ගේ මීළඟ ප්‍රධානතම දේශපාලන අරමුණ බව ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් පිරිසක් වූ සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව සතුරෙකු වශයෙන් නොව උපක්‍රමික හවුල්කරුවෙකු වශයෙන් සලකා කටයුතු කිරීමට තමන් සූදානම් බවයි එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ සඳහන් කළේ.

“සීතල යුද්ධය අවසන් වෙලා ඇමරිකාව ලෝක බලවතා බවට පත්වෙද්දී ඒ ලෝක ජාලයේ අපට හිමිකරගත හැකිව තිබූ තැන අපි අහිමි කරගත්තා, ඉතාම පටු ලෙස දේශපාලනික අරමුණු භාවිතා කරලා. අපි මේ අවස්ථාවේදී ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕනේ. ඒ නිවැරදි කිරීම උදෙසා මේ රටේ සියලු දේශපාලන පක්ෂවල දක්ෂයෝ එකතු කරගන්න ඕනෙ. ඒ එකතු කරගන්න ගමන් අපි විශේෂයෙන්ම මතක් කරනවා රනිල් වික්‍රමසිංහව රාජපක්ෂලාගෙන් ගළවා ගන්න ඕනේ. අපි දැක්කා නාමල් රාජපක්ෂ ප්‍රකාශයක් කරනවා මීළඟ ජනාධිපතිවරයා එන්නෙත් පොහොට්ටුවෙන් කියලා. ඒ නාමල් රාජපක්ෂලාටත් අපි අවධාරණය කරන්න ඕනෙ, අපි ඉන්නකල් නැවත රාජපක්ෂ කෙනෙකුට ජනාධිපතිකම්, අගමැතිකම්, ඇමතිකම් කරන්න අපි ඉඩ තියන්නෙ නෑ. අපේ මීළඟ ප්‍රධාන දේශපාලන අරමුණ විය යුත්තේ මේ රාජපක්ෂලාගෙන් රනිල් වික්‍රමසිංහව ගළවා ගැනීම. අපි ඉතාම අවධාරණයෙන් යුතුව රනිල් වික්‍රමසිංහටත් මතක් කරනවා රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්න ඕනෙ තමන් ගැන ඉතිහාසයේ ලියවෙද්දී හොර ත්‍රාඩ පවුලක් ආරක්ෂා කරපු පුද්ගලයෙක් බවට පත්වෙනවාද, එහෙම නැත්නම් සියලු දේශපාලන පක්ෂවල දක්ෂයෝ ටික එකතු කරලා නිවැරදි දේශපාලන ගමනක් යමින් මේ ආර්ථික ස්ථායීකරණය සාර්ථක කරගන්නවාද කියන එක. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ගෙනයන ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙලට අපි සහයෝගය දෙනවා, හැබැයි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා ආරක්ෂා කරන්න ගන්න සෑම පියවරකටම අපි දැඩි ලෙස විරුද්ධ වෙනවා”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan