ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට – රෝගීන් 65,000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 65,034ක් වාර්තා වී ඇති අතර මරණ 45ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි මාසයේ පළමු දින 08 තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර, ඊයේ (08) දිනට පමණක් රෝගීන් 1,300ක් පමණ වාර්තා වු බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

මේ වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,332ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,150ක්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,600ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,354ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ තවදුරටත් අවධාරණය කරන්නේ තම තමන්ගේ පරිශ්‍ර මෙන්ම පොදු පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

විශේෂයෙන් හිස් ඉඩම් සහ වසා දමා තිබෙන නිවෙස් සම්බන්ධ තත්ත්වය බරපතල හෙයින් එම ස්ථාන හිමිකරුවන් විසින් පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇත්නම් ඒවා විනාශ කරන ලෙස උපදෙස් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...