යළි හිස එසවූ ඇමරිකානු – ඉරාන ගැටුම් හමුවේ හොමූස්හි නාවිකයින් 6000ක් පමණ ජිවිත අවදානමක – ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව දෙවන දින රාත්‍රියටත් ඉරානයේ නගරවලට බෝම්බ හෙළීම හේතුවෙන් ඉරානයද මැද පෙරදිග කලාපයේ ඇමරිකානු කඳවුරු වෙත පහර දෙමින් සිටියි.

ඒ අනුව බහරේන්, කුවේට් සහ කටාර්හි “ඇමරිකානු කඳවුරු සහ උපායමාර්ගික මධ්‍යස්ථාන” වලට පහර දුන් බව ඉරානය පවසන අතර දින දෙකක් තුළ ඇමරිකානු ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

බුෂෙහර්, චබහාර්, බන්ඩාර් අබ්බාස් සහ සිරික් ඇතුළු හෝමූස් සමුද්‍ර සන්ධිය දිගේ ඉරාන නගරවල පිපිරීම් වාර්තා වී තිබේ.

පවතින තත්ත්වය මත නැවත වරක් හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය පවත්වාගෙන යාමට ඉරානය තීරණය කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇමරිකාව හා ඉරානයේ ගැටුම් යළි ඇවිලීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා අවම වශයෙන් නාවිකයින් 6,000 ක් සිරවී සිටින බවයි. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රධානියා මේ බව ප්‍රකාශ කර ඇත.

“මෙම නොසැලකිලිමත් ප්‍රහාර නැවතත් අහිංසක නාවිකයින් බරපතල අනතුරකට ලක් කර ඇත. කිසිදු නාවිකයෙකුට තම රැකියාව කිරීම සඳහා තම ජීවිතය අවදානමට ලක් කිරීමට සිදු නොවිය යුතුය,” යනුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රධානි ආර්සෙනියෝ ඩොමින්ගුස් පවසා තිබේ.

“සංඛ්‍යාලේඛන පිටුපස සිටින්නේ නාවිකයින් වන අතර සමහර අවස්ථාවල මෙම ගැටුමේ මිනිස් පිරිවැය තවමත් දරන ඔවුන්ගේ පවුල්වල අයයි.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

එක්සත් ජනපද යුද තර්ජනය නොතකා ඉරානය හෝර්මුස් පාලනය පවත්වා ගැනීමට තීරණය කිරීම තුළ ඉරානය එක්සත් ජනපදය සමඟ මහා පරිමාණ ගැටුමකට නැවත පැමිණීමට සූදානම් බව යැයි යුද සහ ආරක්ෂක විශ්ලේෂක ඇලෙක්ස් අල්ෆිරාස් ෂියර්ස් පවසා තිබේ.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ දුසිම් ගණනක් වන ඇමරිකානු ප්‍රහාර හෙළා දකින බවයි. එම ප්‍රහාර වලින් දුම්රිය පාලම් දෙකක්ද විනාශ වී තිබෙන බව සඳහන්. එම ප්‍රහාර හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත්‍රාවලට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් සිදු කළ බව වොෂින්ටනයේ ප්‍රකාශය “ව්‍යාජ කඩතුරාවක්” ලෙස ද දක්වා තිබේ.

සන්නද්ධ හමුදා ඇතුළුව අවම වශයෙන් 14 දෙනෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලැබූ එක්සත් ජනපද ප්‍රහාර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මෙන්ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...