ගෝඨාභය ජනාධිපති ධුරයෙන් පැන්නූ දැවැන්ත ජනතා අරගලයට වසරයි !

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් මෙන්ම රටින් ද පළා යාමට සිදුවන සේ දියත් වුණු දැවැන්ත මහජන අරගලයට අදට (09) වසරක් සපිරේ.

රටේ පැවති දරුණු ආර්ථික අර්බුදය හමුවේ පීඩාවෙන් පීඩාවට පත්ව, ඉවසීමේ සීමාවට ළඟා වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් 2022 ජුලි 09 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතා පැවැත්වූහ.

විරෝධතාකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අත්පත් කරගැනුණු අතර ජනාධිපති මන්දිරයේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ අවසන් මොහොතේ නැවකට නැඟ පළා ගියේය.

ඒ ජනතා අරගලය 1953 හර්තාලයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම දේශපාලන අරගලය වශයෙන් හැඳින්විය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...