පොලිස්පති පුටුව ගැන අවසන් තීන්දුව අද

Date:

මේ වනවිට පුරප්පාඩු වී සති දෙකක් ගත වී ඇති පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අද (09) දිනයේදී අවසන් තීරණයක් ගැනෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බව සඳහන්.

පොලිස්පති පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ඇමති ටිරාන් අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ද පැවැත්වී තිබුණු අතර හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාටම තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද, එසේ නොමැති නම් වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී ඇමති ටිරාන් අලස්ට පවරා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...