නෙතනුයාහු නැවතත් ෆේල්! නව අධිකරණ පනත් කෙටුම්පතටත් ඊශ්‍රායලයේ විරෝධතා

Date:

විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ පූජනීය උසාවි සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම්, ඔවුන් දේශපාලනයෙන් ස්වාධීනව සිටිය යුතු බවයි.

ඊශ්‍රායල අධිකරණය විසින් දේශපාලකයන්ට අධිකරණය කෙරෙහි වැඩි බලයක් ලබා දීමට නිර්මාණය කර ඇති නව අධිකරණ ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව නැවත වරක් ඊශ්‍රායලයේ නන්දෙස විරෝධතාවන් ඇතිව තිබේ.

විරෝධතාකරුවන් බෙන්ජමින් නෙතන්යාහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවන් දක්වමින් ප්‍රකාශ කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ඒකාධිපති ආණ්ඩුවට එරෙහිව ඔවුන් ක්‍රියාත්මක වන බවයි.

අගමැති නෙතන්යාහුගේ නව ප්‍රතිසංස්කරණය මඟින් පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට සහ නීති සමාලෝචනය කිරීමට අධිකරණයට ඇති හැකියාව සීමා කිරීමට බලය ලැබෙනු ඇති අතර අගමැතිවරාට විනිශ්චයකරුවන් පත්කිරීමේ අවසාන හිමිකම ලැබෙනු ඇත.

මේ වෙනුවෙන් දේශීය හා විදේශීය පීඩනය හේතුවෙන් නෙතනුයාහු අධිකරණ වෙනස්කම් සම්බන්ධයෙන් පුළුල් එකඟතාවකට පැමිණීමට අදහස් කරන විරුද්ධ පක්ෂ සමඟ සම්මුති සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ මාර්තු මස අග සිට විරෝධතාවයන් පහව යන ලදි. නමුත් ඔහු නැවත වරක් එම සියලුම සාකච්ඡා නවතාදමා සිය අභිමතය අනුව ක්‍රියා කිරීමට යමින් තිබේ. විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ පූජනීය උසාවි සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නම්, ඔවුන් දේශපාලනයෙන් ස්වාධීනව සිටිය යුතු බවයි.

ඊයේ(08)දිනයේදී ටෙටෙ අවිව්හි ප්‍රධාන මහා මාර්ගයක් අවහිර කළ පෙළපාලිකරුවන් 100ක් පමණ විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළ බව AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇති අතර සංවිධායකයින් විසින් එළැඹෙන අඟහරුවාදා විරෝධතා දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.

නෙතන්යාහුගේ ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ආර්ථිකය අවුලින් වියවුලට පත්ව ඇති අතර එහි මුදලේ වටිනාකමද සීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබේ.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...