සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 300 වැනි ස්මාර්ට් පන්ති කාමරය වන්කාලෛ ශාන්ත ආනා විද්‍යාලයට (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමේ සහ අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහන 300 වැනි කඩඉම පෙරේදා (08) පසුකළේය.

ඒ අනුව, වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම, වන්කාලෛ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එදින පරිත්‍යාග කරන ලදී.

ස්මාර්ට් බෝඩ් එකක්, පරිගණක 5ක් සහ ප්‍රින්ටරයක් මීට ඇතුළත් වන අතර වටිනා ඉංග්‍රීසි ශබ්ද කෝෂ පහක් ද පාසලේ පුස්තකාලයට එදින පරිත්‍යාග කෙරිණි.

මීට අමතරව පාසලේ පුස්තකාලයට අවශ්‍ය ඉංග්‍රීසි පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා අතින් එහිදී පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් පක්ෂයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 300ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3296ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරම අතට ගත් වර්මා හතර අතට පහර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: දෙවන කාන්තා විස්සයි විස්ස...

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...