ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

මෙතෙක් පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳව වන සැකය මග හරවා ගැනීමට සහ කවර හෝ අනුකූලතාවක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබෙන අතර ඊට අනුමැතිය අද කැබිනට් මණ්ඩලයෙන් හිමිව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...