නාදුනන මළසිරුරක් හෝමාගම මාර්ගයකින් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ LNW :

වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකුගේ යැයි සැක කෙරෙන ,පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ , අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවයි. ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින අතර, මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර රථයකින් රැගෙන විත් මෙම ස්ථානයට දමා යන්නට ඇති බව පොලීසිය සැකපල කරයි.

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.

හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...