කලාපය තුළ විතරක් නෙවෙයි ලෝකය තුළත් අපි සාර්ථකයි!(VIDEO)

කොළඹ LNW:තීරු බදු සම්බන්ධයෙන් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සකච්ජාවල සාර්ථකත්වය ඇමරිකාව විසින් මෙරටට පනවා තිබෙන තීරු බදු ප්‍රමාණයෙන් පැහැදිලි බවත් තවදුරටත් එය අඩුකර ගැනීම වෙනුවෙන් ද්විපාර්ශ්වික සාකච්ජා අඛණ්ඩව පවත්වාගෙන යන බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (10) ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ඒ අනුව 44%ක්ව පැවති තීරු බද්ද 30%ක් දක්වා අඩුවීම මෙම කලාපය තුළ පවතින තරඟකාරීවය සමඟ ශ්‍රී ලංකාව ලා ජයග්‍රහණයක් බවද සූරියප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

මෙම තීරු බදු ක්‍රියාත්මක වීම අගෝස්තු 01 වෙනිදා දක්වා කාලය තිබෙන හෙයින් මෙම කාලය තුළ සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ජා කර ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි සූරියප්පෙරුම මහතා එහිදී කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...