ජනාධිපතිත් නෑ, අගමැතිත් නෑ, විකල්ප අගමැති සජිත් – රාජිත සේනාරත්න

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නොමැති තත්වයක් තුළ රටේ වගකීම බාරවිය යුත්තේ විකල්ප අගමැතිවරයා වන විපක්ෂ නායකයා වෙත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක රටක ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පසු ඊළඟට සිටින්නේ විපක්ෂ නායකයා බවත්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා පැමිණි විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමෙන් පසු විපක්ෂ නායකයා හමු වී සාකච්ඡා පවත්වන්නේ ඒ නිසා බවත් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නිළ වශයෙන් ඉල්ලා අස් වී නොමැති නමුත් මේ වනවිට රට අරාජික තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ හැකි ඉක්මනින් රට සාමාන්‍ය තත්වයට පත්කළ යුතු බවයි. එසේ නොමැති වුවහොත් ටියුනීසියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල පසුගිය කාලයේදී දක්නට ලැබුණු තත්වයක් මෙරට තුළද ඇතිවිය හැකි බවත්, එවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගතවීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.

රටේ වගකීම බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවද ජනතාව මුහුණ දී සිටින අර්බුදවලට ඉක්මන් විසඳුම් ලබාදීමට සූදානම් බවද රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...