බැංකු පොළී අනුපාත පහළ යන ලකුණු!

Date:

කොළඹ LNW:මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පහළ දැමීම හමුවේ වාණිජ බැංකුද පොළී අනුපාත අඩුකරනු ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් යම් මන්දගාමී බවක් පෙන්නුම් කර තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

ඒ අනුව 17%-16% වැනි මට්ටමට වාණිජ බැංකු පොළී අනුපාත පහළ යනු ඇති බවයි දුණුසිංහ මහතා සඳහන් කරන්නේ.

”මහ බැංකුව විසින් කෙටිකාලීනව දෙවෙනි වතාවටත් පොලී අනුපාත පහළ දැමුවා. මේකට හේතු දෙකක් බලපෑවා. උද්ධමනය 60-70 ඉදලා 10% බැහැලා. අනිත් එක විදේශ ප්‍රේශණ හා විදේශ විනිමය ගලාගෙන යනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා වාණිජ්‍ය බැංකු පොළිය පහළ දමාවි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්තිය පොළිය පහළ දැමීම එක්ක 17% -16% හෝ ඊට පහළ යාවි කියලා. මූල්‍ය අංශය බයෙන් හිටියා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ඒකත් පහව ගියා. බැංකු යම් මන්දගාමී බවක් පෙන්වනවා පොළී අනුපාත පහළ දැමීම පිළිබද. මේ නිසාම වෙන්න ඇති මහබැංකුව ප්‍රකාශ කළේ බැංකු හා මූල්‍ය පද්ධතියට වගකීමක් තියෙනවා ආර්ථිකය වැටිලා තියෙන වෙලාවේ කොන්දේසි ලිහිල් කරන එක කියල. බොහෝ අයට ඇපයට තියන්න දෙයක් නෑ. විශේෂ වගකීමක් තියෙනවා පොළිය පහළ දැමීමට.” යනුවෙන් දුණුසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...