බැංකු පොළී අනුපාත පහළ යන ලකුණු!

Date:

කොළඹ LNW:මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පහළ දැමීම හමුවේ වාණිජ බැංකුද පොළී අනුපාත අඩුකරනු ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් යම් මන්දගාමී බවක් පෙන්නුම් කර තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

ඒ අනුව 17%-16% වැනි මට්ටමට වාණිජ බැංකු පොළී අනුපාත පහළ යනු ඇති බවයි දුණුසිංහ මහතා සඳහන් කරන්නේ.

”මහ බැංකුව විසින් කෙටිකාලීනව දෙවෙනි වතාවටත් පොලී අනුපාත පහළ දැමුවා. මේකට හේතු දෙකක් බලපෑවා. උද්ධමනය 60-70 ඉදලා 10% බැහැලා. අනිත් එක විදේශ ප්‍රේශණ හා විදේශ විනිමය ගලාගෙන යනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා වාණිජ්‍ය බැංකු පොළිය පහළ දමාවි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්තිය පොළිය පහළ දැමීම එක්ක 17% -16% හෝ ඊට පහළ යාවි කියලා. මූල්‍ය අංශය බයෙන් හිටියා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද ඒකත් පහව ගියා. බැංකු යම් මන්දගාමී බවක් පෙන්වනවා පොළී අනුපාත පහළ දැමීම පිළිබද. මේ නිසාම වෙන්න ඇති මහබැංකුව ප්‍රකාශ කළේ බැංකු හා මූල්‍ය පද්ධතියට වගකීමක් තියෙනවා ආර්ථිකය වැටිලා තියෙන වෙලාවේ කොන්දේසි ලිහිල් කරන එක කියල. බොහෝ අයට ඇපයට තියන්න දෙයක් නෑ. විශේෂ වගකීමක් තියෙනවා පොළිය පහළ දැමීමට.” යනුවෙන් දුණුසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...