*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලු රාශියක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම විශ්‍රාමියන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම හා රජයේ විවිධ ප්‍රතිපත්ති නිසා විශ්‍රාමිකයන් විවිධ අපහසුතාවට ලක්ව ඇති බවත් වෘත්තීමය කේවල් කිරිමට අපොහොසත් කණ්ඩායමක් වන විශ්‍රාමිකයන්ගේ දුක්ගැනවිලි ගැන සංවේදී වීම අත්‍යාවශ්‍ය සමාජ වගකීමක් බැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජය දැනුවත් කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා මෙරට වැඩිහිටි ජනගහනයේ වර්ධනය ගැන, ඉන් කොපමණ ප්‍රමාණයක් දරිද්‍රතා ඉමෙන් පහළ පසුබිමක ජීවත් වන්නේද? සෑම වැඩිහිටියෙක් ම යම් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයකට යටත් ද යන ප්‍රශ්න නගන ලදී. එසේම වැඩිහිටියන්ට ඖෂධ හා ගමන්බිමන් සඳහා අධික වියදමක් යන බැවින් ඔවුන් යම් හෝ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකට යටත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

එමෙන්ම අද වන විට මෙරට සමස්ත රාජ්‍ය විශ්‍රාමික ප්‍රජාව, 2024, 2030 සහ 2035 වර්ෂයන්වල පුරෝකතනය කර ඇති සමස්ත විශ්‍රාමිකයන් සංඛ්‍යාව හා ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට යන වියදම් සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියේය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2016 දී රාජ්‍ය විශ්‍රාමිකයන්ට ණය ලබා දීමේ ක්‍රමවේදයක් දියත් කළ බවත් විචල්‍ය පොලි අනුපාත මත ණය ලබා ගැනීම නිසා විශ්‍රාමිකයන් දැවැන්ත ණය බරතාවකට හසුව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමුවිය යුතු බවත් මේ ගැටලුව විසඳීමට රජය ලබා දෙන විසදුම් සම්බන්ධයෙන් ද දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය 15% සිට 7% දක්වා අඩුකර ඇති බවත් ඇතැම් බැංකු මෙම ස්ථාවර තැන්පතු පොලිය මත බදු මුදල් පවා අය කරන බවත් මෙම බදු මුදල් නැවත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලාබ ගත හැකි බව පැවසුවත් මෙහි පවතින සංකීර්ණ සහ ව්‍යාකූලත්වය මත මේ සඳහා බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අයදුම් නොකරන නිසා පහසු ක්‍රමවේදයක් දියත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. එසේම මෙම පොලිය නැවත 15% දක්වා වැඩි කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහතකරණය යටතේ සේවක අර්ථ සාධක අරමුදල රජයේ සුරකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී ප්‍රතිශතයේ වෙනසක් සිදුව ඇත් නම් එය දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම නොවිසදී පවතින විශ්‍රාම වැටුප් ගැටලු අතර 2016, 2020 අතර විශ්‍රාම ගනු ලැබූවන්ගේ හා 2016 පෙර විශ්‍රාම ගනු ලැබුවන්ගේ හා ගුරු විදුහල්පති සේවයයේ වැටුප් වැඩිවීම නොලද විශ්‍රාමික ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ප්‍රමුඛ වී ඇති බැවින් මේවට විසඳුම් ලබා දීම දිගින් දිගටම කල් යන බව පෙනෙන හෙයින් මොවුන් සඳහා අන්තර් දීමනාවක් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

2016-2020 කාලය තුළ විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයේ ගෙවීම් කොටස් 2කට දුන්නත් ගෝඨාභය රාජපක්ෂ පත්වී මේ ක්‍රියාදාමය නතර කළ බවත් මේ වන විට 120000ක් විශ්‍රාමිකයන් අගතියට පත්ව ඇති බවත් දහස් ගණනක් මිය ගොස් ජාතික අපරාධයක් කර ඇති බවත් මෙය සාපයක් බවත් ඒවා කරන විට ආණ්ඩු පක්ෂය නිහඩව සිටි බවත් මේ අවස්ථාවේ හෝ එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවත් රටේ ආර්ථිකය ස්ථායිකරණයට ලක් වි ඇත්නම් පුනර්ජීවනයක් සිදුව ඇත්නම් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මේ යුතුකම ඉටු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ 7ක් වූ විශ්‍රාමිකයන් 2004 දී 96 වැටුපටත් 2006 දී 97 වැටුපටත් ගෙන ආ බවත් 2015 දී 2006 ගැලපුමට ගෙන ආ බවත් 2019 දී 2017 ගැලපුමට ගෙන ආ බවත් මේ වැටුප් විෂමතාව නිසා 480000ක් පීඩාවට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් රජයෙන් පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දැනට යම් ආකාරයක දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත බව වාර්තා වන බවත් ඒ සදහා රාජ්‍ය හා සේවක පාර්ශ්වයෙන් දක්වන දායකත්වයත් මේ යටතේ විශ්‍රාමිකයකුට උපයා ගත හැකි විශ්‍රාම වැටුපේ යම් වෙනසක් සිදුවන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වසර 30ක සේවාවක් ඉටු කළෙහොත් සාමාන්‍යයෙන් 85%ක විශ්‍රාම වැටුපක් ගෙවනු ලැබුවත් අලුත් ක්‍රමය යටතේ මෙහි කප්පාදුවක් සිදුවන බවත් එය සිදුවන ප්‍රමාණය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan