වාහන ආනයනය ගැන අවසන් තීරණය ගන්නා කාලය මුදල් රාජ්‍ය ඇමති කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

වාහන ආනයනය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පත් කළ සුවිශේෂී කමිටුව අගෝස්තු මස දෙවැනි සතිය වන විට ඔවුන්ගේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන් පසුව යම් අනුපිළිවෙලක් අනුව වාහන නැවත ආනයනය කිරීම ඇරඹීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“දැන් සංචාරක කර්මාන්තයට වාහන 1000ක් ගේන්න අපි ඉඩදීලා තියෙනවා. අනෙකුත් වාහන ගෙන්වීම සඳහා අපි සුවිශේෂී කමිටුවක වාර්තාව මුදල් අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා, දැන් මේක ප්‍රායෝගිකව කොහොමද කරන්නෙ කියන එක සම්බන්ධව – මේකට අදාළ පාර්ශ්වයන් රාශියක් ඉන්නවා. මුදල් අමාත්‍යාංශය, මහබැංකුව, ප්‍රවාහන අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වාහන එකලස් කරන්නන්ගේ සංගමය, සෘජුව අලුත් වාහන ආනයනකරුවන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන්, මේ අයට විවිධාකාර විදියට බලපානවා වාහන ආනයනය. ඒ නිසා මේ සියලු දෙනාගෙන්ම අපි කමිටුවක් හැදුවා සියලු දෙනාටම වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට, අඩුම අගතියක් යම් පාර්ශ්වයකට සිදුවන ආකාරයට, ප්‍රශ්න අඩුම වෙන ආකාරයට වාහන ආනයනය පිළිබඳ වැඩපිළිවෙලක් හදන්න කියලා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම් දීලා තියෙනවා අගෝස්තු මාසෙන් පස්සෙ යම්කිසි අනුපිළිවෙලකට – පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවාවන්ට භාවිතා කරන විකල්ප, ඉන්පස්සෙ සාමාන්‍ය වාහන, ඉන්පස්සෙ සුඛෝපභෝගී වාහන – වැඩපිළිවෙලක් අපි හදනවා කියලා. ඒ අනුව මේ කමිටුව ජුලි මාසේ 4 වෙනිදා රැස්වුණා. ඒ කමිටුව අගෝස්තු මාසෙ දෙවැනි සතිය වෙනකොට අමාත්‍ය මණ්ඩලයට ඔවුන්ගෙ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි සුවිශේෂී අනුපිළිවෙලක් ඇතිව වාහන නැවත ආනයනය කිරීම ආරම්භ කරන්න”

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...