AKD LIVE 24 – අනුර පැය 24ම ඔබව අමතයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරණ කටයුතු උදෙසා පැය 24 පුරාම ක්‍රියාත්මක යූටියුබ් විකාශයක් ආරම්භ කර තිබේ.

එය අනුර කුමාර දිසානායක මහතාගේ නිල යූටියුබ් චැනලය ඔස්සේ විකාශය කෙරේ.

ඒ අනුව, ඒ මහතාගේ අනුගාමිකයින්ට දැන් පැය 24 පුරාම ඒ මහතාට සවන් දීමට හැකියාව ලැබී ඇත.