මහින්දානන්ද කැරම් බෝඩ් නඩුවෙනුත් නිදහස් වෙයිද ? – තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2015 ජනාධිපතිවරණය ආසන්නයේදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 11000ක් දේශපාලන වුවමනාවන් මත ක්‍රීඩා සංගම්වලට බෙදාදීමෙන් රජයට රුපියල් කෝටි 5 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ එවකට සතොස සභාපති, වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුවෙන් ඔවුන්ව විත්තියේ සාක්ෂි නොකැඳවාම නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය අද (11) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

මෙම නියෝගය ජුලි 09 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එදින ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සම්පූර්ණ වී නොතිබුණු බැවින් අද දිනය දක්වා එය කල් තැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...