විරේන් අර්ධ අවසන් වටයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 11. (LNW) කොළඹ : උතුරු මරියානාස් දූපත් සමූහය ඇමෙරිකානු පරිපාලනය පවතින දූපත් සමූහයක් වන අතර එහි සායිපන් කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී අර්ධ අවසන් වටයට පැමිණීමට විරේන් නෙත්තසිංහ සමත්ව තිබෙනවා.ලෝකයේ අංක 72 ට ශ්‍රේණිගතව සිටින විරේන් 16 දෙනාගේ වටයේ දී මීට පෙර ද ජාත්‍යන්තර පිටියේදී ඔහු විසින් පරාජය කර ඇති ඉන්දියාවේ ආර්යමන් ටැන්ඩන් හමු වුණ
මේ තරගයේදී පළමු තරගයට වඩා පහසුවෙන් මේ වන විට පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබා සිටින විරේන් ටැන්ඩන්ව පරාජය කළ අතර ඔහු ඒ සඳහා ගත කළේ විනාඩි 33 ක් කාලයක් පමණයි.ලකුණු තත්ත්වය 21 – 18 සහ 21 – 15 ක් ලෙස සටහන් වුණා.


මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබා සිටින ලාබාලතම ක්‍රීඩකයා වන 21 හැවිරිදි විරේන් අවසාන පූර්ව තරගයේ දී හමුවීසට නියමිතව ඇත්තේ ජපානය නියෝජනය කරන රොයෝමා මුරමොටෝ වන අතර ඔහු 25 හැවිරිදි ක්‍රීඩකයෙකි.


මේ තරගාවලිය නියෝජනය කරන ඔලිම්පික් වරම් දිනා ඇති එකම ක්‍රීඩකයා ලෙස තරගයට අදාළ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින විරේන් වටා බොහෝ මාධ්‍ය රැස්කමින් සිටිනු දකින්නට ලැබෙන අතර,එය බොහෝ විට විරේන්ට සිය බැඩ්මින්ටන් ජීවිතයේ නොවිඳි අතදැකීමක් වෙනවා සැක නැත.එරට ප්‍රධානම පුවත්පතක් වන සායිපන් ට්‍රිබියුන් විශාල ඉඩක් ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණු අතර ඔවුන් විරේන්ගේ ක්‍රීඩා රටාවේ සටන්කාමීත්වය,දරා ගැනීම සහ ප්‍රහාරයන් ස්ථානගත කිරීමේදී දක්වන හැකියාව ඉහළින් වර්ණනා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...