මාලමුල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුර – හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේදී අද (ජුලි 11) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකුට මෙසේ වෙඩිතබා ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි.

නාඳුනන තුවක්කුකරුවකු විසින් නිවසේ ජනේලයක් බිඳ මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇතැයි සැකකරන බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පොලිස් කණ්ඩායම් 3ක් යොදවා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...