මාධ්‍යවේදීන්ට පහරදුන් SSPගේ වැඩ තහනම්

Date:

පසුගිය 09 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

මෙසේ පහරකෑමට ලක්වූයේ සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට පොලීසිය පළමුව පහර දුන් අතර ඉන්පසු එම මාධයේවීදන් පිරීස රෝහල්ගත කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් පිරිසකටද පහර දී තිබිණි.

මෙම ප්‍රහාරයෙන් සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් සහ ප්‍රහාරය වැළැක්වීමට අසමත් වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වූ අතර රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය යටතේ පොලිස්පතිවරයා විසින් අදාල නිළධාරියාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...