තෙල් යනවද බලන්න චන්ද්‍රිකා තාක්ෂණ සහය!

Date:

කොළඹ LNW:චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම්ව තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාව ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය හිමිව තිබේ.

යෝජිත අවබෝධතා ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව නාවික කර්මාන්තය සහ වරාය සංවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකා ජල තීරයේ යාත්‍රා කරන නෞකා සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර නෞකා මඟින් සිදු වන තෙල් විසිරීම් පිළිබඳව ඉක්මණින් තොරතුරු ලබා ගැනීමට නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රංශයේ ආර්ථික හා මුදල් අමාත්‍යාංශය විසින් යූරෝ 601,810 ක ප්‍රදානයක් Collected Localization Satellites (CLS) ආයතනය හරහා ලබා දීමට එකඟ වී තිබේ.

මෙම නව ක්‍රමවේදය මඟින් ඉක්මණින් තොරතුරු ලබා ගැනීමටත් නෞකා මඟින් සිදු වන සමුද්‍ර දූෂණය වැළැක්වීම සදහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ සදහා වගකිව යුතු නෞකා හදුනාගැනීම සහ අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් හැකියාව පවතින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...