මතභේදාත්මක එප්ස්ටයින් නඩුව හේතුවෙන් FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ බොන්ගිනෝ ඉල්ලා අස් වීමට සැරසේ

0
139

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මතභේදාත්මක එප්ස්ටයින් නඩුව සමබන්ධයෙන් FBI ආයතනය හා අධිකරණ දෙපාර්තමේන්තුව අතර ඇති වූ ප්‍රධාන ගැටුමක් හේතුවෙන් FBIහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩෑන් බොන්ගිනෝ ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බව වාර්තා වේ.

මෙම සතිය මුලදී නඩුවේ ලිපිගොනු හැසිරවීම සම්බන්ධයෙන් නීතිපති පැම් බොන්ඩි සමඟ ඇති වූ උණුසුම් ගැටුමකින් පසුව මෙය සිදු වූ අතර පසුගිය බදාදා(09)දිනයේදී සිදු වූ නඩු කටයුත්තකදී ගැටුම උග්‍ර වූ අතර, එයට බොන්ගිනෝ, බොන්ඩි, FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් සහ ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී සුසී වයිල්ස් ඇතුළත් වූ බව ආරංචි මාර්ග පවසයි.

එප්ස්ටයින් යනු අපකීර්තියට පත් මූල්‍යකරුවෙකු සහ ලිංගික අපරාධකරුවෙකු වන අතර ඔහුගේ අපරාධ නඩුව දිගු කලක් තිස්සේ සැලකිය යුතු මහජන අවධානයක් දිනාගෙන ඇත. එයට හේතුව ඔහුගේ මරණය සැක සහිත වීම හා ධනවත් හා ඉහළ පෙළේ පුද්ගලයින් සමඟ ඔහුගේ සබඳතා ය.

ජනාධිපති ට්‍රම්ප් 2024 සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර රජයේ අතිරේක ලිපිගොනු නිකුත් කිරීම පිළිබඳව සලකා බලන බව ප්‍රකශ කළ අතර පසුගියදා ජනාධිපති ට්‍රම්ප් සමඟ බහින්බස් වූ එලෝන් මස්ක් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු හිතාමතා සඟවන් බවයි.

කෙසේ නමුත්, 2019 අගෝස්තු මාසයේදී, ඔහු ෆෙඩරල් අපරාධ නඩුවක නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී, එප්ස්ටයින් නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් මධ්‍යස්ථානයේ ඔහුගේ සිර මැදිරිය තුළ ප්‍රතිචාර නොදක්වන බව සොයා ගන්නා ලදී. ඔහුව රෝහලකට ගෙන යන ලද අතර එහිදී ඔහු මිය ගිය බව ප්‍රකාශ කරන ලද අතර ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස තීන්දු කර තිබිණි.