නව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයත් සමඟ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජාතික හා පළාත් සභාවලින් ආසන වෙන් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි `13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(12)දිනයේදී හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයට ජාතික හා පළාත් සභාවලින් වෙන්කර ඇති ආසනවලින් කොටසක් සඳහා සුදුසුකම් ඇති බවට තීන්දුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 13 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් 8-5 තීන්දුවක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර මෙය සභාග ආන්ඩුවට සැලකිය යුතු පසුබෑමක් ඇති කිරීමට සමත් බව විචාරකයන් සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මස 8වන දින පැවති මහ මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය සිය ලාංජනය වශයෙන් ක්‍රිකට් පිත්ත යොදාගනු ලැබූ අතර එය පකිස්ථාන මැතිවරණ කොමිසම (ECP) විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ PTI අපේක්ෂකයින් ස්වාධීනව තරඟ කරන ලදී. එහිදී ඔවුන් ජාතික සභාව තුළ ආසන 93ක් දිනා ගැනීමට සමත් විය. ඛාන්ගේ පක්ෂය බහුතර ආසන දිනාගනු ලැබුවද ස්වාධීනව තරඟ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු අවස්ථා අහිමිවීම හේතුවෙන් PTI සහාය දක්වන අපේක්ෂකයින් සම්බන්ධ වූ දේශපාලන පක්ෂයක් වන Sunni Ittehad Council (SIC) විසින් මෙම නඩුව ගොනු කරන ලදී.

ඒ අනුව, ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය PTI දේශපාලන පක්ෂයක් ලෙස පිළිගත් අතර මැතිවරණ ලකුණක් නොමැතිකම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට පක්ෂයක නීත්‍යානුකූල අයිතියට බලපාන්නේ නැති බව තහවුරු කර තිබේ. මෙම තීන්දුවෙන් අනතුරුව PTI නායක ගොහාර් අලි ඛාන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ප්‍රශංසා කරමින් සඳහන් කර තිබුණේ, මෙම තීරණය ඉතිහාසයේ මතකයේ රැඳෙනු ඇති බවත්, එය පකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් වන අතර අපගේ පක්ෂයේ අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...