කර්මාන්තශාලා වැහෙනවා. තෙල් සේවකයින් 3750කුත් එළියට දාන්න යන්නේ. මීළඟට ක්ෂණිකව එන්නේ රැකියා විරහිත අඳෝනා – ආනන්ද පාලිත

Date:

විදුලි බිල සහ ඉන්ධන මිල ගණන් අඩුකිරීමට අවස්ථාව තිබියදීත් රජය හිතාමතාම මේ මිල ගණන් ඉහළ මට්ටමක පවත්වාගෙන යාම තුළ, අධික වියදම් දරාගැනීමට නොහැකිව කර්මාන්තශාලා වැසී යාමේ අවදානමක් පවතින බව සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

“10% බද්ද තියෙනකොට – ඇඟළුම්වලට 6% – 16% අතර බද්ද තියෙනකොට – ඒත් කර්මාන්තශාලා ගණනාවක් වැහුණා. විදුලි බිල අඩුකරන්න තියෙද්දී ජනාධිපතිතුමා පළමුවෙන්ම ඒ වගකීම පැහැර හැරියා. ඔක්තෝබර් අඩුකළා නම් 33% කින්, අපි ජනවාරි 20% කින් අඩුකරනවා. මේ මාසෙත් ඉන්ධන මිල නිවැරදිව අඩු කරන්න කියලා මම කරුණු පෙන්නුවේ ඒකයි. එක නැවක් ස්පොට් ටෙන්ඩරයට ක්ෂණික මිලදීගැනීමට ගෙනල්ලා ඉන්ධන මිල වැඩි කළා. විදුලියයි ඉන්ධනයි වැඩිකිරීම මත 10% බද්ද තියෙද්දීත් ඇඟළුම්වලට 6% – 16% තියෙද්දීත් අපේ කර්මාන්තශාලා වැහුණා. වියදම වැඩියි කියලා අද බහුජාතික සමාගම් ඉවත් වෙනවා. ළංමැඩි න්‍යායට නිකම් හිටියා. ඉතා ක්ෂණිකව මාසයක් එකහමාරක් යනකොට රට තුළ නැගෙන්නේ රැකියා විරහිත අඳෝනා.

තෙල් සංස්ථාව රකිනවා කියලා ඇවිල්ලා 3750ක් එළියට දාන්න යන්නෙ. ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මොන උද්ඝෝෂණය කළත් මොන වැඩවර්ජනය කළත් විපක්ෂය මොන දැඟළිලි දැඟළුවත් අපි කරන දේ කරනවා කියලා. එහෙම නම් මේ යන්නේ වහල් යුගයකට, වැඩවසම් යුගයකට. සමස්ත විපක්ෂය සහ නායකයො පාරට බැසිය යුතුයි, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එන්න ලෑස්තියි. විපක්ෂයට වගකීමක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව නැගිට්ටවන්න”

ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...