ජනාධිපති ඉල්ලා අස්වීමත් සමග අරගලකරුවන් යම් සෑහීමකට පත්විය යුතුයි – ඕමල්පේ හිමි (VIDEO)

0
1381

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග මෙතෙක් තමන් භාරයට ගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු ජනතා සම්පත් නැවත භාරදීමට ගෝල්ෆේස් අරගලකරුවන් කටයුතු කළයුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමගම ගාලුමුවදොර අරගල බිමේ මේ දක්වා කැපවීමෙන් කළ සහ කරන තරුණ සොහොයුරන් සහ සොහොයුරියන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාව යම් ආකාරයක සෑහීමකට පත්විය යුතුයි තමන්ගෙ ඉල්ලීම ඒ ආකාරයෙන් ඉටුවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඉල්ලා අස්වීමත් සමගම තමන්ගෙ බලාපොරොත්තුව ඉටුවුණු පරිසරය යටතේ දැනට ජනතාවගේ සන්තකයට පත්කොටගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ඒ ජාතික සම්පත් නිදහස් කළයුතුව තිබෙනවා. ඒ ජාතික සම්පත් සාමාන්‍ය තත්වයෙන් ආරක්ෂක අංශවලට පැවරෙන ආකාරයෙන් කටයුතු කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා”

ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN