ජනාධිපති ඉල්ලා අස්වීමත් සමග අරගලකරුවන් යම් සෑහීමකට පත්විය යුතුයි – ඕමල්පේ හිමි (VIDEO)

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග මෙතෙක් තමන් භාරයට ගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු ජනතා සම්පත් නැවත භාරදීමට ගෝල්ෆේස් අරගලකරුවන් කටයුතු කළයුතු බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමගම ගාලුමුවදොර අරගල බිමේ මේ දක්වා කැපවීමෙන් කළ සහ කරන තරුණ සොහොයුරන් සහ සොහොයුරියන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාව යම් ආකාරයක සෑහීමකට පත්විය යුතුයි තමන්ගෙ ඉල්ලීම ඒ ආකාරයෙන් ඉටුවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඉල්ලා අස්වීමත් සමගම තමන්ගෙ බලාපොරොත්තුව ඉටුවුණු පරිසරය යටතේ දැනට ජනතාවගේ සන්තකයට පත්කොටගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ඒ ජාතික සම්පත් නිදහස් කළයුතුව තිබෙනවා. ඒ ජාතික සම්පත් සාමාන්‍ය තත්වයෙන් ආරක්ෂක අංශවලට පැවරෙන ආකාරයෙන් කටයුතු කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා”

ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...