පැය 12 ක් අවසන් – රටම බලා සිටින ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් නෑ !

Date:

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමාවෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අද දහවල් වනවිට ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ලබාදෙනු ඇති බවයි වාර්තා වී තිබුණේ.

එල්ල වූ ජනතා විරෝධය හමුවේ පසුගිය 09 වැනිදා ජනාධිපති මන්දිරයෙන් පළාගොස් ආරක්ෂිත ස්ථානයක සැඟව සිටි ජනාධිපතිවරයා කතානායකවරයා වෙත දැනුම් දී තිබුණේ 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බවයි.

කෙසේ නමුත් අරගලයේ නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් බහුතරයක් ප්‍රකාශ කළේ දැඩි ජනතා විරෝධයක් එල්ල වෙද්දී තනතුරෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට නැකැත් බැලීමට දින ගැනීමට අවශ්‍ය නොවන බවයි. සැඟවී සිටිමින් ධුරය ආරක්ෂා කර ගැනීම සඳහා කුමන හෝ කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ දරමින් සිටින බවට ඔවුන් අනතුරු අඟවා තිබිණි.

‌මේ නිසා අරගලකරුවන් තවදුරටත් සිය අරගලය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිළ වශයෙන් ප්‍රකාශයට පත්වන තෙක් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක බව අරගලකරුවන් ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ඔවුන් තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සිය අණසක යටතේ තබාගෙන සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...