*
Friday, October 18, 2024
spot_img

Latest Posts

රට ආරාජික කර ලේ විලක් බවට පත් කිරීම වහා නවතන්න – හිටපු ජනපතිගෙන් රජයට නිවේදනයක්

රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නවත්වන ලෙසහිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුළ සිදුවෙමින් පවතින අතර බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

රාජ්‍ය පාලනය යනු ජනතාවගේ සුරක්ෂිතතාවය සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම වන අතර තම පෞද්ගලික බලය තහවුරු කර ගැනීම රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොවන බව හෙතම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ සිටම බලලෝභය වෙනුවෙන් උන්මත්තකයන් ලෙස හැසිරෙන මිනිසුන්ගෙන් සෑමදාම මෙරට විනාශයෙන් විනාශයට ඇදගියා.

”රටේ ජනතාවත් අරගලයේ නිරත වන ජනතාවත් ආරක්ෂා කිරීම මේ මොහොතේ ආරක්ෂක අංශයේ වගකීමයි. නිරායුධ අරගලයේ නිරත දරුවන්ට කිසි ලෙසකින් හෝ ප්‍රහාරයක් සිදු නොකොට සැබෑ ජන විරෝධයට ආයුධවලින් පිළිතුරු සෙවීම නොකරන ලෙස මෙරට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන්ද, මා ඉල්ලා සිටිමි. වර්තමාන ජනාධිපතිවරයා සහ වැඩ බලන ජනාධිපතිවරයා හට කිසි ලෙසකත් සැබෑ ජනවරමක් නොමැති දෙදෙනෙකු බව අවධාරණය කරමි. ඔවුන් ලබා දෙන අණ ක්‍රියාත්මක කිරීමේදී දෙවරක් සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම රාජ්‍ය දේපල පොදු ජනතාවගේ දේපලක් ලෙස පිළිගෙන කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

රට දිනෙන් දින අගාධයට ගෙන නොගොස් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධූරවලින් ඉල්ලා අස්වී පොදු මහ ජනතාවගේ ඉල්ලීමට හිස නමා කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරමි. බලලෝභීත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන ලෙස මා පාලකයන්ට තරයේ අවධාරණය කරමි.” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan