කරුණාකර ඉදිරි දේශාපාලන තීන්දු ප්‍රකාශයට පත් කරන්න – කාදිනල් හිමි කථානායකගෙන් ඉල්ලයි (VIDEO)

Date:

ජනතා අභිමතාර්ථ ඉටුකරගැනීමට කරුණාකර රටේ ඉදිරි දේශපාලන තීන්දු තීරණ ප්‍රකාශයට පත්කිරීමට යුහුසුළු වන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඒ, අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එමෙන්ම මේ මොහොතේ ආයුධ බලය ජනතාවගේ පැත්තට ක්‍රියාකරවීමට කටයුතු නොකර ජනතාවගේ සාධාරණ ඉල්ලීම් තේරුම් ගෙන ජනතාවාදී සහ දේශහිතෛෂී ලෙස මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට උපරිම සහය දෙන ලෙස ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශ වෙතින් තමන් වහන්සේ ඉල්ලා සිටින බවද කාදිනල් හිමි සඳහන් කළහ.

රටේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ බල ලෝභයෙන් හා ඒ ඒ පක්ෂ වලට බලය ලබාගැනීමේ අරමුණින් කටයුතු නොකර ජනතාව මුහුණ දෙන උග්‍ර ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට එක්සත්ව සහ දේශානුරාගයෙන් කටයුතු කරන ලෙසද උන්වහන්සේ දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව සතු හෙයින් මාධ්‍ය නිදහසට ගරු කරමින් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමටද කටයුතු කරන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...