ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයාට තුවාල

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන බවට චෝදනා කරමින් පසුගිය මාසයේ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කළ ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉරාන රාජ්‍ය ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ජුනි 16 වන දින පෙසෙෂ්කියන් උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගී වෙමින් සිටියදි ටෙහෙරානයේ රහසිගත භූගත පහසුකමකට ප්‍රවේශ වීමේ සහ ඇතුළු වීමේ ස්ථාන දෙකම ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය බෝම්බ එල්ල කිරීමේදී ජනාධිපතිවරයා තුවාල ලබා ඇති අතර ඔහු ආරක්ෂිත ස්ථානයකට ළඟා වීමට සමත් විය.

මේ සමබන්ධයෙන් ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර දින 12ක් පැවති යුද්ධයේදී ඉරානයේ ඉහළ නිලධාරීන් සහ අණ දෙන නිලධාරීන් ඊශ්‍රායලය ඉලක්ක කර තිබිණ.

කෙසේ නමුත් මෙම යුද්ධය තුළ ඊශ්‍රායලය තීරණාත්මක බුද්ධි තොරතුරු රැස් කළේ කෙසේද යන්න පිළිබඳව තවමත් බොහෝ ප්‍රශ්න තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...