“අහෝ දුකකි, පිරමීඩ උගුලකි” අද සිට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 14, කොළඹ LNW :

අද (14) සිට තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතිය ආරම්භ වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මෙම වැඩසටහන ලබන 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව “අහෝ දුකකි, පිරමීඩ උගුලකි” යන තේමාව යටතේ එම දැනුවත් කිරීමේ වැඩසටහන සිදු වන අතර, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරයන්ට අයත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, ඊට සමගාමීව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැලකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුවත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය බවයි.

මෙම වැඩසටහනේදී පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන් ජාතික වශයෙන් දැනුම්වත් කිරීම අපේක්ෂා කෙරේ.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවසුවේ, බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිතව ප්‍රජා සහභාගීත්වය සහතික කරමින් දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...