Onmax DT සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවයි !

Date:

පිරමීඩ ක්‍රමයේ මූල්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති Onmax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කර තිබේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ Onmax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත්ව ඇති බවයි.

ඒ අනුව එම බැංකු ගිණුම් අත්හිටුවීමට අධිකරණය නියෝග කරන ලදී.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවත් ය.

මෙම සමාගමේ පිරමීඩ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවේ බුද්ධි ඒකකය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය. එම ජාවාරමට හසුවූ කිසිවකු මෙතෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර නොමැති අතර විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින්නේ මෙම වංචාවට හසු වී ඇත්නම් වහාම ළඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...