*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ප්‍රන්ස විප්ලවය …. බැස්ටීලය බිඳවැටී වසර 234 යි

අන්ත දූෂිත වංශාධිපති පාලක පූජක පැලැන්තියේ පීඩනය තවදුරටත් ඉවසාගත නොහැකිව ප්‍රංශ ජනතාව විසින් බැස්ටීලය අල්ලා ගත්තේ 1789 ජූලි 14 එනම් හරියටම මීට වර්ෂ 234 කට පෙර දිනයකදීය.

බැස්ටීලය ඇදවැටීම යනු සමස්ථ ලෝක රාජාන්ඩු ක්‍රමයේම ඇදවැටිමේ ආරම්බය බව පසුව මාක්ස් පැවසීය. එසේම මින් ඉදිරියට වැඩවසම් බලයේ සංඛේතය වූ රාජකීය ඔටුන්න මිනිසුන්ට දැකබලා ගතහැකි වන්නේ කටුගෙවල් තුලදී පමනක් බවත් මාක්ස් පැවසීය…

ප්‍රන්ස විප්ලවය යනු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තිඹිරිගෙයයි. ප්‍රන්ස විප්ලවයේ තේමාව සමානාත්මතාවය හා සහෝදරත්වයයි.. ලෝක ඉතිහාසයේ අනතවත් විප්ලව තිබී ඇත. නමුත් ප්‍රන්ස විප්ලවය තරම් මානවර්ගයාට පීඩිතන්ට ආශ්වාදනීයවූ තවත් විප්ලවයක් මෙතෙක් හමුවී නැත.. මන්ද එය නව යුගයක හා සභ්‍යත්වයක පළමු පරිඡේදය වූ බැවින්..

වැඩවසම් රදළ පාලකයන්ගේ අසීමිත යුධ බර, බදු බර නිසා සාගතයකට ඇද වැටුන ජනතාව වර්සේල්ස් රාජ මාලිගාව අබියසට පැමින පාන් ඉල්ලූ විට දාසයවෙනි ලුවී රජුගේ බිරිඳ මාරි ඇන්ටනෝ බිසව විසින් පාන් නැත්තම් කේක් කාපල්ලා යැයි පැවසූ ප්‍රසිද්ධ කතාව අපි කවුරුත් අසා ඇත්තෙමු..

එහිදී පසුව ප්‍රන්ස ජනතාව එයට පිළිතුරු දුන්නේ රාජ මන්දිරය වටලා රජ පවුල නගර මධ්‍යයට ගෙනැවිත් ප්‍රසිද්දියේ ඝාතනය කර දැමීමෙනි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan