*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

දුවන කොලුවා : ජගත් නානායක්කාර ගැන ….

1978 වසරේ අප්රේල් වනවිට මා ලේක්හවුසියේ “සතුට“ පත්තරයට එක්වන්නේ එවකට එහි කර්තෘ ලෙසින් කටයුතු කළ ග්රැන්විල් සිල්වා මහතාට පිංසිදු වන්නටයි.

එවකට සතුට පාඨක සමාජයක් තිබුණා පිටු දෙකක් අතර නැමුම් පාර පිරෙන සේ කොළමක් යොදලා.

කතා එකතු කරන්නන්ට මෙය ලොකු උදව්වක් වුනා.

තමා ළග නැති තවකෙකු ළග වැඩිපුර ඇති පිටු බෙදාගැනීමට හැකියාව ලැබුණා.

ඇතැමෙකුට කිසිසේත් ලබාගත නොහැකි පිටු තිබුණා.

ඉතින් මා ඒ කොළමට ලිව්වා ඒ අවශ්‍ය පිටු සතියකට එකක් වන්නට අවශ්‍ය නම් ඒ චිත්ර ශිල්පියා ඇදපු ලෙසින්ම ඒ අකුරු වලින් මට ඇද එවන්නට පිළිවන් බව!

එකල මෙකල මෙන් ෆොටෝ කොපි හෝ ස්කෑන් යන්ත්ර තිබුණේ නැහැ!

මට පිළිතුරට ලැබුණේ විදුලි පණිවුඩයක්! “වහාම පැමිණ මා හමුවන්න, සතුට කර්තෘ “ යනුවෙන් එහි සදහන්ව තිබුණා.

ග්රැන්විල් මහතා මගෙන් තනි දවසේ කතාවක් ඉල්ලා සිටියා. ඒ

කතාව වුල්ෆ්ගෑන්ග් ගොතේ ජර්මානු කවියාගේ කවියක ඉංග්රිසි පරිවර්තනයක අනුසාරයෙන් සිංහලට පෙරලා සකස් කොට ඇද “සැබෑව සහ මායාව“ ලෙසින් නම්කොට ගෙනැවිත් දුන්නා.

මගේ නම කොලේ සුදු ඉතිරිකොට ඇද තිබෙනු දුටු ග්රැන්විල් මහතා මවිතව සුදු පෝස්ටර් කලර් භාවිතාකොට එය පහසුවෙන් ලිව්වේ නැත්තේ මන්දැයි ඇසුවා.

මම සුදු පෝස්ටර් කලර් නොදන්නා බව පැවසූ විට මා කැදවා ගියේ අනුර විජේවර්ධන මහතා ලගටයි.

ඒ සුදු පෝස්ටර් කලර් බෝතලයක් මට ලබා දෙන්නයි.

එය මට පුහුණු කළේ ජනක රත්නායක මහතායි. මට අරුමයක් වුවත් එය දෙස ගුණපාල හේමචන්ද්ර මහතාත්, පී. වික්රමනායක මහතාත්, රුවන් තරස්වින් මහතාත් අනුකම්පා සහගත ලෙසින් බලාසිටියා.

ඒ මගේ ඇරඹුම මතක් වුනේ ජගත් හා මා සමකාලීනයන් වන නිසයි.

පොඩි කොලුවා මට හමුවන්නේ එතැනදී පසු දිනෙක.

ඔහු මා තඹයකට මායිම් කළේ නෑ.

ඒ වන විට අලුත් කතාපහක් පටන් ගත්තා මට අදින්නට දුන් මයිකල් රාමනායක ලියූ කතාව ඇතුලුව.

ජගත් නානායක්කාරගේ මා ආසම කළ කතාව අර දුවන කොලුවාගේ කතාව. නිදහස් චතුරශ්රය ලගට ගොස් බලා ඇද තුබූ ඒ කොටස් මා එතෙක් දුටු තාත්වික භූ දර්ශනයන්.

ඇඩිඩාස් සපත්තු එකල හරි ඉහලයි. ඔහු ඒ සපත්තුව එලෙසින් ඇන්දා. අකුරු ටික පවා ඒ ලෙසින් ඇන්දා.

ඒ කතාව තුලින් හදුනා ගත් ආඩම්බර කොල්ලා පසුකාලයක මා ළග වැඩ කරන්න පටන් ගත්තා.

මම ඇඩිඩාස් සපත්තුව මට හදුන්වා දුන් සුපිරි වැඩකරු ලංකාවේ අලෙවිකළ කුඩා ගුවන්යානයක් කලු සුදු ලයින් භාවිතයෙන් අන්දවා ගැනීමට යොදාගත්තා.

000 නෝට් පින්සල කෙස්ගහකට තුඩුගන්වා ගන්නේ තීන්ත පෙඟවූ පින්සල් කෙඳි උඩු අතට හරවා හිසකෙස් වලින් මුවහත් වනසේ හිසේ ඉහල සිට පහලට ඉලීමෙනුයි.

ඒ පුරුද්ද නං කඩන්න මට බැරිවුනා.

ඒක වෙන්න ඇති ඒ අපූරු මුදු රැලි තුබූ කොණ්ඩය අද අහිමිවෙලා තියෙන්නෙ.

කම්පියුටරය නැති නම් අපට දකින්න වෙන්නේ පොලිෂ් කළ මුට්ටියක් තමා අද!

ජගත් ගැන පොතක් ලියන්න පුලුවන් මා ඇසුරු කළ ටික කාලය ගැන!

සුන්දර අතීතය මතක් කරදුන්නාට ප්රසංග ඔබටත්,

ජගත් නානායක්කාර ඔබටත් ස්තුතියි!

~ විමල් ලොකුලියන

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan