විමල්ගේ නඩුවටත් දින!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 30 වන දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (15) දින නියම කළේය.

වීරවංශ අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව නඩු විභාගය කල්තැබීය.

2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.

මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇති අතර දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි විභාගයත් කල් තබමින් නඩුවේ සාක්ෂිකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙනිය ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...