“භාතිය” යන්නම ගිහින්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

වයස අවුරුදු 30ක් පමණවන භාතිය ඇතා පාදයේ ආබාධයකින් පෙළෙන බවට දුටු ගම්වාසීන් විසින් ඒ සම්බන්ධයෙන් මහව වනජීවී කාර්යාලය දැනුවත් කර තිබුණි. භාතිය ඇතා ගල්ගමුව අබන්පොල නිකවැරටිය ආශ්‍රිතව ජීවත් වූ හස්තිරාජයෙකි. මෙලෙස පසුගිය මැයි මස 20වැනිදා සිට මෙම හස්තියා රෝගාතුරව සිටි බව වාර්තා වී තිබුණි.

වෙඩි තැබීමකින් භාතිය හස්තියාගේ ඉදිරි දකුණු පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් ඇතා දැඩි ලෙස රෝගාතුරව ඇති බව, පසුව මහව වනජීවී නිලධාරීන් සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණ වී තිබුණි. ඒ අනුව අවස්ථා කිහිපයකදීම මහව වනජීවි නිලධාරීන් සහ නිකවැරටිය පශුවෛද්‍ය නිලධාරීන් එක්ව භාතිය ඇතා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කළ අතර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමද සිදු කෙරුණු බවද වාර්තා විය.

එවන් පසුබිමක භාතිය ඇතාට සිය හොඬවැලෙන් ආහාර ලබා ගැනීමේ අපහසුතාවක්ද මතුවූ අතර, එම අවස්ථාවේත් වනජීවී නිලධාරීන් මැදිහත්වී ඇතාට ආහාර ලබා දීම සිදු කළ අතර, අද (15) උදෑසන දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා මියගොස් තිබේ.

පසුගිය කාලය පුරාවට,මෙම වෙඩිවැදීමෙන් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරීය. එසේ වුවත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පශු වෛද්‍යවරුවන් පවසා සිටියේය.

නමුත්, ඊයේ (14) දී තත්වය වෙනස් අතට හැරෙමින්, දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වූ බවද වාර්තා වේ. මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වනජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර තිබුණේ මහත් පරිශ්‍රමයක් දරමිනි.

හස්තියන් අතර මනා පෙනුමැති භාතිය කාගෙත් අවදානයට ලක්වූ හස්ති රාජයෙක් වූ අතර, අවස්ථා කිහිපයකදීම හස්තියා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරු වීම් නිසා හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවී මෙලෙස අද උදෑසන ජීවිතය හැර ගියේ දහසකුත් දෑස් කඳුළින් තෙත් කරමිණි.

ඉකුත් මැයි මාසයේදී තවත් වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි භාතිය දක්නට ලැබී ඇත්තේ ඊට කිලෝමීටර් 20කට ආසන්න දුරිකින් පිහිටි මහව වනජීවි කලාපය තුළදී වන අතර, පසුව මෙලෙස භාතිය විටින් විට වෙඩි ප්‍රහාර වලට ලක්වූ අතර, හස්තියෙක් වුවත් රෝගාතුරව අවසානයේ ඉතා අසරණ ලෙස වැටී සිටී භාතිය අද උදෑසන අවසන් හුස්ම පිට කර ඇත්තේ, තවදුරටත් වේදනාවන් ඉවසීමට තාමට ශක්තියක් නොමැති බව කියාපාන්නක් මෙනි.

වසර ගණනාවක් පුරා විසඳුමක් සොයන, එහෙත් විසඳුමක් පේන මානෙක නැති මෙම අලි මිනිස් ගැටුමෙහි තවත් එක් කේදවාචකයක් ලෙස මේ භාතිය හස්තියාගේ කතාවද අමතක නොවන පිටුවක ලියැවෙනු ඇත. අනාගතයේද තවත් භාතිය වැනි හස්තිරාකයන්හට මෙවැනි වේදනාත්මක ඉරණම් වලට ගොඳුරු නොවන්නේ නම්, ඒ සඳහා නීති සැකසෙන්නේ නම් , අපේ සුන්දර අලි සම්පත කෙතරම් සතුටින් සිටිනු ඇත්ද…?

ආදරණීය භාතිය ඔබට සුභ ගමන්..……..!!!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...