ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක අදහසක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය, අමෙරිකාවේ වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවන අතර එය වේගවත් විය යුතු බවයි .

තවද ,  සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවයි .

IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පැවසූවේ ,

“G20 පොදු යාන්ත්‍රණය තුළින් වැඩ්, ඝානාව සහ සැම්බියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරෙනවා. එමෙන්ම පොදු යාන්ත්‍රණයෙන් පරිබාහිරව ශ්‍රී ලංකාව වැනි රටවලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. එහිදී ණයහිමියන් සමග සම්බන්ධීකරණය ඉදිරියට යන බව කිව යුතුයි. අප පිළිගන්නවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් විය යුතු බව. නිශ්චිතව සහ කාලරාමුවක් තුළ ක්‍රියාත්මක වියයුතු බව. එමෙන්ම සාකච්ඡා පැවැත්වෙන කාලසීමාව තුළ ණය අත්හිටුවීම වැනි ක්‍රියාවලි තුළින් ණයගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු වනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...