ඝාතන කුමන්ත්‍රණයෙන් අනතුරුව රිපබ්ලිකන් ජාතික සමුළුවට පැමිණි ට්‍රම්ප්ට ඉහල පිළිගැනීමක්(VIDEO)

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පෙන්සිල්වේනියාවේ බට්ලර්හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී ඝාතකයකුගේ උණ්ඩයක් කනට වැදී දින දෙකකට පසු ට්‍රම්ප් ඊයේ(15)දින විස්කොන්සින්හි මිල්වෞකි හි ෆිසර්ව් සංසදයට පැමිණිමේදී ඔහුට ඉතා ඉහල වීර පිළිගැනීමක් ලැබුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, ට්‍රම්ප් ඔහුගේ දකුණු කනට ඝන වෙළුම් පටියක් පැළඳ “God Bless the USA” ලී ග්‍රීන්වුඩ්ගේ සංගීතයට ක්‍රීඩාංගනයට ඇතුළු වන විට රිපබ්ලිකන් නියෝජිතයෝ ඔහුට ඔල්වරසන්දී පිළිගෙන තිබේ.

සභාවට පැමිණි ට්‍රම්ප් සිය උප ජනාධිපති අපේක්ෂක ඔහියෝ සෙනෙට් සභික ජේඩී වැන්ස් සමඟ අසුන්ගෙන සිට ඇති මුත් සභාවා අමතා නැත.

කෙසේ නමුත් සභාව අමතමින් දකුණු කැරොලිනා සෙනෙට් සභික ටිම් ස්කොට් ප්‍රකශ කර තිබුණේ, යක්ෂයා රයිෆලයක් රැගෙන පෙන්සිල්වේනියාවට පැමිණිය නමුත් ඇමරිකානු සිංහයෙක් නැවතත් ඔහුගේ පාද මත නැඟී සිටි අතර ඔහු ගර්ජනා කළ බවයි.’

ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සමහර දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කර තිබුණේ, එය ඔහුගේ ජයග්‍රහණයේ අවස්ථා වැඩි කරනු ඇති බවත් බයිඩන්ගේ මැතිවරණ ව්‍යාපාරයට පැහැදිලි තර්ජනයක් වන බවත්ය. පසුගියදා 538 වෙබ් අඩවිය විසින් එකතු කරන ලද ඡන්ද විමසීම් වල සාමාන්‍යයක් පෙන්නුම් කර තිබුණේ, ට්‍රම්ප් ජාතික වශයෙන් සියයට 2.2 කින් ඉදිරියෙන් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...