යුපුන් ගැන රටක පැතුම් බොඳ වෙයි.

Date:

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකාවට තිබූ විශාලම බලාපොරොත්තුව වූ යුපුන් අබේකෝන් සිය මූලික තරගයේදි පස්වැන්නා වීමත් සමඟ අවසාන පූරුව වටයට නුසුදුස්සෙක් විය.එහිදි ඔහු වැය කළ කාලය තත්පර 10.19 කි.
සුපුරුදු පරිදි යුපුන් මේ තරගයේදී ද හොඳ ආරම්භයක් ගැනීමට අපොහොසත් වූ අතර ඉදිරිපත් වූ තරගකරුවන් අතර ප්‍රමාදම ආරම්භක ප්‍රතික්‍රියාව වූ තත්පර 0.170 වාර්තා වූයේ යුපුන්ගෙන් ය.එම තරගයට ආසියාතික ක්‍රීඩා උළෙලක මීටර් 100ඉසව්ව ජය ගෙන ඇති කටාර් හී ෆෙමී ඔගොනෝඩේ ද සහභගි වූ අතර ඔහු හත්වැනියා වූයේ තත්පර 10.52 කින් ය.
ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බොද වුව ද,ඉතාම දුෂ්කර තැනෙක රට පවතින මොහොතක රට වෙනුවෙන් ඔහු විශාල ජයග්‍රහණ ගණනාවක් මේ වන විටද අත් කර දෙන්නට සමත් වි ඇත.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නොව රන් අකුරින් ලියැවෙන නමක් වී ඇති යුපුන් ශ්‍රී ලංකාවේත්,දකුණු ආසියාවේත් මීටර් 100 ඉසව්වක් තත්පර 10 ට අඩුවෙන් නිමා කළ පළමු ක්‍රීඩකයා වන්නේය.
ඔහු මීටර් 100 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබුවේ තත්පර 9.96 ක් වූ ඔහුගේ හොඳම වාර්තාගත කාලයට අනුව නොවුණ බැවින් ඔහුගේ මං තීරුව හිමි වූයේ ශ්‍රේණිගත කිරීමේ ලකුණු සටහන අනුව තේරුණු ක්‍රීඩකයෙක් ලෙස සළකාය.ඒ නිසා ඔහු තරග වැදුණේ පළමු මංතීරුවේය.බොහෝ විට තත්පර 9.96 කාලය අනුව ඔහුව මේ තරගයට ඇතුළත් විණි නම් මේ වේගය මීට වඩා යහපත් කර ගැනීමටද ඉඩක් ඔහුට තිබිණ.
දැනට මීටර් 200 ඉසව්වටත් තරග වඳින යුපුන් එහිදී ද ශ්‍රී ලංකා වාර්තිව හිමි කරගෙන සිටින අතර,එය බොහෝ විට ඔහුගේ ආරම්භක ප්‍රතික්‍රියා වේගයේ ඇති පසුබෑම සළකා වත්මන් පුහුණුකරු ඉදිරියේදී යුපුන් මීටර් 200 ඉසව්ව සඳහා යොමු කරන්නට ගත් තීරණයක් විය හැකි බව කියන්නේ යුපුන්ගේ මුල් පුහුණුකරුවන් වන සුබ අරුමතන්ත්‍රී සහ නාලක ප්‍රසන්න ය.
මේ සමඟ යුපුන්ගේ තරයේ තාක්ෂණින දත්ත ද ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...