ජාතික උළෙලින් උළෙල හැලෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 17, (LNW) කොළඹ :

ජාතික ක්‍රීඩා උළෙල මෙවර නම් කර තිබෙන්නේ ජාතික ක්‍රීඩා තරගාවලිය ලෙසයි.ක්‍රීඩා ඉසව් විශාල ප්‍රමාණයක් ඇතුළත් වන ක්‍රීඩා උත්සව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ උළෙල ලෙසයි.දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ සිට ඔලිම්පික් උළෙල දක්වා ඇත්ත කතාව එලෙසයි.
සාමාන්‍යයෙන් එක් ක්‍රීඩාවකට අදාළව පවත්වන තරගකාරී ඉසව්වකට තරගාවලිය යැයි පැවසුව ද,මෙවැනි විවිධ ක්‍රීඩාවන් ජාතික මට්ටමෙන් අගයන උළෙලකට උළෙල යැයි නොකීම යම් කිසි ආකාරයක එහි තත්ත්වය පහතට දැමීමක් සහ නොසළකා හැරීමක් ලෙස සිතිය හැකියි.
එහි තරගාවලිය ලෙස යොදා තිබෙන ආකාරයේ ද නිවැරදි නොවන තත්ත්වයක් දැකිය හැකිය.මේවා සම්බන්ධයෙන් වගකීම් පැවරුණේ කාටද යන්න අපි නොදන්නෙමු.සාමාන්‍යයෙන් ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩාව වෙනුවෙන් කරන සුවිශාල ක්‍රීඩා මංගල්ලය ලෙස අරුත් ගන්වන මෙහි මංගල සිරිය අවසාන දින කිහිපයේදී මිස දකින්නට නොලැබෙන අතර ප්‍රාදේශීය මට්ටමේ සිට රටම ආවරණය වන පරිදි සිඳු කරන ක්‍රීඩා ඉසව් සංවිධානයේ දී ඇතැම් තැන් හී වැඩ කටයුතු සිද්ධවෙන්නේ ක්‍රිඩාවට වඩා එහි නිලධාරීන්ගේ උවමනාවන්ට සහ රුචිකත්වයන්ට අවැසි පරිදිය.ඒ නිසා වචනයෙන් පමණක් උළෙලක ගති ගෙන පලක් නැති බව සිතා කිසිවෙකු හෝ ජාතික ක්‍රීඩා උළෙල තරගාවලිය කරන්නට සිතුවාද අපි නොදනිමු.


කෙසේ නමුත් මේ කාරණයට දඩූවම් දිය යුතුද යන්න නොව වරදක්ද යන්න ද තීරණය විය හැක්කේ පුද්ගලයාගේ තරාතිරමට සාපේක්ෂව විය යුතුය.ක්‍රිඩා අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවා කාලය අනුව ක්‍රීඩා උළෙලේ සම්මාන ද ගන්න සංවිධානයට උර දෙන පිරිස් සිටියත් මේ උළෙල සම්ප්‍රදාය සහ අභිමානය තරගාවලිය යන වැරදි ලිවීමකට පහත වැටෙන තෙක් ඇස් කන් පියා සිටීම ද විශ්මිතය.

www.sportwaynews.com වෙත පිවිස තවත් ක්‍රීඩා තොරතුරු නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...