රනිල් තමයි ජනාධිපති, ඡන්ද 140 ක් ගන්නවා – වජිර

Date:

09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහුගේ දේශපාලන අත්දැකීම්, ජාත්‍යන්තර පිළිගැනීම වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන් ජනාධිපති තනතුරට පත්වන බවත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේම ඡන්දය වික්‍රමසිංහ මහතාට හිමිවන බවත් වජිර අබේවර්ධන මහතා පවසනවා. එජාප සභාපතිවරයා ලෙස තමන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග මෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බවත් ඒ අනුව අවම වශයෙන් ඡන්ද 140 ක් වත් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත් අබේවර්ධන මහතා සඳහන් කරනවා.

ඇතැම් විට අවසන් මොහොතේදී හෝ සියලු පාර්ශ්වවල ආශිර්වාදයෙන් නිතරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා පවසන්නේ එසේ වුවහොත් එය වඩාත් සුදුසු බවයි. නිතරගයෙන් ජනාධිපතිවරයා පත්කර ගැනීමට හැකි වුවහොත් එය ජාත්‍යන්තරයට ලබාදෙන වැදගත් පණිවුඩයක් බවද අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...