රනිල් තමයි ජනාධිපති, ඡන්ද 140 ක් ගන්නවා – වජිර

Date:

09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඔහුගේ දේශපාලන අත්දැකීම්, ජාත්‍යන්තර පිළිගැනීම වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන් ජනාධිපති තනතුරට පත්වන බවත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේම ඡන්දය වික්‍රමසිංහ මහතාට හිමිවන බවත් වජිර අබේවර්ධන මහතා පවසනවා. එජාප සභාපතිවරයා ලෙස තමන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග මෙන්ම තවත් දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බවත් ඒ අනුව අවම වශයෙන් ඡන්ද 140 ක් වත් රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බවත් අබේවර්ධන මහතා සඳහන් කරනවා.

ඇතැම් විට අවසන් මොහොතේදී හෝ සියලු පාර්ශ්වවල ආශිර්වාදයෙන් නිතරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා පවසන්නේ එසේ වුවහොත් එය වඩාත් සුදුසු බවයි. නිතරගයෙන් ජනාධිපතිවරයා පත්කර ගැනීමට හැකි වුවහොත් එය ජාත්‍යන්තරයට ලබාදෙන වැදගත් පණිවුඩයක් බවද අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...