*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පොදුජන තරුණ පෙරමුණේ සහාය ඩලස්ට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තරුණ හා නවක මන්ත්‍රීවරුන් බහුතරයක්, ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතා සහාය ලබාදෙනු ඇති බව වාර්තා වේ. ඔවුන් බොහෝදෙනා දැඩි රනිල් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.

මේ අතර පොදුජන තරුණ පෙරමුණේ විධායක සභා රැස්වීමේදී ඒහි සාමාජිකයන් බහුතරයක්ද තීරණය කර තිබෙන්නේ ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදිය යුතු බවටයි. අන්තර්ජාලය ඔස්සේ පැවති විධායක සභා රැස්වීමේදී පක්ෂයේ සහාය හිමිවිය යුත්තේ කාටදැයි යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා.

විධායක සභා සාමාජිකයන් 75 දෙනාගෙන් 54 දෙනෙකුම ඩලස් අලහප්පෙරුම මහතාට කැමැත්ත පලකර තිබෙනවා. තවත් සැළකිය යුතු සාමාජිකයන් පිරිසක් කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදිය යුතුය යන ස්ථාවරයේ සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට පක්ෂය තීරණය කර ඇති බවට පොහොට්ටුවේ ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ලේකම්වරයාගේ ප්‍රකාශය දැඩිලෙස විවේචනය කළ අතර ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලේකම්වරයාගේ ප්‍රකාශ හේතුවෙන් මේ වනවිට පක්ෂය කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති බවයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan