කන්ජිපානිගේ සාදයට ගිය අයගේ ඡායාරූප ලබන සතියේ ජාතික පුවත්පතක – හඬ පටයක් පිටවෙයි

Date:

කන්ජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු ඉතාලියේදී සාදයක් දැමු බවත්, ඒ සඳහා මේ වන විට ප්‍රංශයේ සිටින කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් පරීක්ෂකවරයෙකු සිටින බවටත් සති අන්ත පුවත්පතක් ඔස්සේ කරුණු වාර්තා කර තිබුණා.

පසුගිය පෙබරවාරි මාසයේදී තම ජීවිත ආරක්ෂාව සඳහා බව පවසමින් මෙරටින් ප්‍රංශය බලා ගිය කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද විජේතිලක මහතාට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ආදළ පුවත් පත මගින් හෙළිකරන පුද්ගල චරිතය ඔහු ලෙස හැගී යාම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් අන්තර්ජාල නාලිකාවක් සමඟ ප්‍රංශයේ සිට සම්බන්ධවෙමින් පොලිස් පරීක්ෂක දුමින්ද දිසානායක මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධ පුවත් වාර්තාව ලියු මාධ්‍යවේදියා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත් නමුත් ඔහු තම දුරකථන ඇමතුම් මඟ හැරී බවත් පවසා ඇති ජයතිලක මහතා තම බිරිය ලබාගත් ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් කන්ජිපානි ඉම්රාන් සමඟ සාදයට ගිය පුද්ගලයින්ගේ ඡායාරුප එළඹෙන සතියේ පළකිරීමට කටයුතු කරන බවත් අදාල මාධ්‍යවේදියා විසින් තම බිරිඳට දැනුම් දී ඇති බව පවසා තිබෙනවා.

ඒ IP මේ IP නොවන බවද අදාළ මාධ්‍යවේදියා විසින් සඳහන් කර ඇති බවත් පවසමින් ඔහු විසින් හඬ පටයක්ද මෙම වැඩසටහනේදී ඉදිරිපත් කර තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...